සංක්‍රමණිකයන් 8 දෙනෙකුගේ සිරුරු වෙරළෙන් හමුවෙයි

මෙක්සිකෝවේ ඔක්සාකා (Oaxaca) ප්‍රාන්තයේ මුහුදු වෙරළක තිබී චීන ජාතික කාන්තාවන් ඇතුලු 8 දෙනෙකුගේ සිරුරු හමුවී තිබෙනවා.

ඔවුන් ගමන් ගත් බෝට්ටුවක් පෙරළීමෙන් මරණ සිදු වී ඇති බවටයි මෙක්සිකෝ බලධාරීන් සඳහන් කළේ.

අනවසර සංක්‍රමණිකයන් එක්සත් ජනපදයට පැමිණීමට උත්සාහ කරන ප්‍රධාන මාර්ගයක තිබී මෙම මළ සිරුරු සොයා ගැනුනා.

ග්වාතමාලා දේශ සීමාවේ චියාපාස් ප්‍රාන්තයේ සිට මෙක්සිකෝ ජාතිකයෙකු විසින් ධාවනය කරන ලද බෝට්ටුවක චීන ජාතික කාන්තාවන් හත්දෙනා සහ පිරිමි පුද්ගලයෙකු පැමිණ ඇති බව සඳහන්.

බෝට්ටුවේ රියදුරාට සිදුවූයේ කුමක්ද යන්න අනාවරණ වී නැහැ.

අනතුරට හේතුව සොයා බලන බවත් විපතට පත් වූවන් හඳුනා ගැනීම සඳහා මෙක්සිකෝවේ චීන තානාපති කාර්යාලය සමඟ කටයුතු කරන බවත් බලධාරීන් සඳහන් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ මෙක්සිකෝවේ සිට එක්සත් ජනපදයට ඇතුළු වීමට උත්සාහ කරන සංක්‍රමණිකයන් සංඛ්‍යාව මෑත වසරවල වැඩි වෙමින් පවතින බවයි.

2021 වසරේ සිට මිලියන 6.3කට වැඩි සංක්‍රමණිකයන් පිරිසක් නීතිවිරෝධී ලෙස ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළු වී ඇතැයි තොරතුරු වාර්තා වී තිබෙනවා.

ඇමරිකානු කලාපයෙන් පිටත සිට එන සංක්‍රමණිකයන්ගෙන් විශාලතම පිරිසක් පැමිණෙන්නේ චීනයෙන් වන අතර වර්ධනය වන ජනගහනය මෙන්ම අඩාල වන ආර්ථිකය ඊට හේතුව බවටයි සැලකෙන්නේ.

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »

TikTok වීඩියෝවක් නිසා මෙල්බන් කාන්තාවක් ලොව ජනප්‍රිය වෙයි

මෙල්බන්හි වෙස්ට් ගේට් පාලම මත මෝටර් රථයක ඉදිරිපස අසුනේ රූගත කරන ලද ටික්ටොක් විඩියෝවක් හේතුවෙන් මෙල්බන් කාන්තාවක් ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම් කිහිපයක්

අද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන වර්ෂාවක් සමඟ කාලගුණ අනතුරු ඇඟවීම් කිහිපයක් නිකුත් කර තිබෙනවා.

Read More »