Search

නිවසක් ගැන බලාගෙන ඉන්න අයට මිල ගණන් ගැන තොරතුරක්

ඉහළ පොලී අනුපාත, උද්ධමනය සහ ජීවන වියදම නොතකා ඔස්ට්‍රේලියාවේ නිවාස මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

වාර්තා අනුව පසුගිය පෙබරවාරි මාසයේ දී අගනුවර ආශ්‍රිත නිවාස වටිනාකම සියයට 0.6කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.

විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මෙම වසර අවසාන භාගයේ පොලී අනුපාතයෙහි යම් වෙනසක් අපේක්ෂා කරන අතර නිවාස මිල අගය ඉදිරියේදී සංශෝධනය වනු ඇති බවයි.

කෙයාලොජික් (Care logic) හි නවතම දත්තවලට අනුව පසුගිය වසර අවසානයේ නිවාස මිල ඉහළ යෑම මන්දගාමී මට්ටමක පැවතිය දපසුගිය පෙබරවාරි මස යළිත් මිල ගණන් සාපේක්ෂ ඉහළ අගයක් පෙන්නුම් කර තිබෙනවා.

මෙහිදී පසුගිය පෙබරවාරි මස සිඩ්නි හි නිවාස මිල අගය සියයට 0.5කින් ද, මෙල්බන්හි සියයට 0.1කින් ද බ්‍රිස්බේන් සියයට 0.9කින් ද ඩාවින් සියයට 0.1 කින්ද ඉහළ ගොස් තිබුණා.

මීට අමතරව කැන්බරාහි නිවාස මිල ගණන් සියයට 0.7කින් ද ඇඩිලේඩ් සියයට 1.1කින් ද වැඩි වූ අතර වැඩිම නිවාස මිල අගයක් පෙන්නුම් කළේ පර්ත් අගනුවරින්. එම අගය සටහන්ව ඇත්තේ සියයට 1.6ක් ලෙසයි

නිවාස මිල අගය පහළ මට්ටමක පැවති එකම නගරය හෝබාට් වන අතර එම අගය සියයට 0.3කින් පහළ වැටී තිබුණා.