
ඇඩිලේඩිහි පදිංචිකරුවෙකු තම නිවසට ගෙන්වා ගත් පීසා ඇනවුමක තිබී ඇණ කිහිපයක් හමුවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ වී තිබෙනවා.
හැම් සහ අන්නාසි ඇතුලත් මෙම පීසා එක විවෘත කර බැලීමේදී ඒ මත විශාල ඉස්කුරුප්පු ඇණ දෙකක් හමුවි ඇති බවයි වාර්තා වන්නේ.
බ්‍රැඩ්මන් පීසා හවුස් වෙතින් අදාළ ඇණවුම මෙම පුද්ගලයා වෙත යොමු කර ඇත්තේ ඌබර් රියදුරෙකු හරහා වන අතර එය ලබා ගත් වහාම හිමිකරු පීසා අවන්හල අමතා මෙම සිදුවීම දැනුම්දී තිබෙනවා.

පසුව පීසා වෙළඳසැල වෙනත් ඇණවුමක් ඔහුට යොමු කර ඉස්කුරුප්පු ඇණ තිබූ පීසා එක යළිත් ගෙන්වාගෙන ඇතැයි සඳහන්.
කෙසේවෙතත් අදාළ ආයතනය පවසන්නේ තම ආයතනය තුලදී කිසිදු ආකාරයකින් පීසා එකට ඇණ වැටීමට අවස්ථාවක් නොමැති අතර ආරක්ෂිත කැමරා දර්ශන ද පරීක්ෂා කර එම තොරතුරු තහවුරු කර ගත් බවයි.

එමෙන්ම සූපවේදීන්ගෙන් ද වහාම ප්‍රශ්න කර ඉස්කුරුප්පු ඇණ වැටීමට හේතුවක් නොමැති බවට හෙළි කරගෙන තිබෙනවා.
පීසා ගෙන්වා ගත් පාරිභෝගිකයා කියා සිටියේ තමන් ඇණවුම ලබා ගන්නා විට ඇති වූ සුළු ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඇණ එහි තැබුවේ Uber රියදුරු විය හැකි බවට සැක කරන බවයි.
පසුව බ්‍රැඩ්මන් පීසා හවුස් ආයතනය Uber වෙත පැමිණිලි කර ඇති අතර සාක්ෂි ලෙස තබා ගැනීම සඳහා අදාළ පීසා ඇණවුම ශීතකරණයේ තබා තිබෙනවා.