Search

පාස්කු ඉරිදා දේව මෙහෙයේදී පාප් වහන්සේගෙන් ආයාචනයක්

ගාසා තීරයේ සහ යුක්රේනයේ යුද්ධ අවසන් කරන ලෙස පාස්කු ඉරිදා දිනයේ වතිකානයේ විශේෂ දේව මෙහෙයට එක්වෙමින් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දැඩි ආයාචනයක් කර තිබෙනවා.

සාමය ඇති වන්නේ ආයුධවලින් නොවේ යනුවෙනුයි පාප් වහන්සේ සිය සම්ප්‍රදායික පාස්කු පණිවිඩයේ සඳහන් කර ඇත්තේ.

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ගාසා තීරයේ ගැටුමට සටන් විරාමයක් ගෙන එන ලෙසටත් හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත් උන්වහන්සේ ඉල්ලා තිබෙනවා.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ පාස්කු ඉරිදා දිව්‍ය පූජාව සඳහා දස දහස් ගණන් බැතිමතුන් ශාන්ත පීතර චතුරශ්‍රයට රැස්ව සිටි බව සඳහන්.

මහ සිකුරාදා පෙරහැරකට සහභාගි නොවීම නිසා පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ කනස්සල්ලක් මතු වී තිබුණ ද
87 හැවිරිදි පාප් වහන්සේ දීර්ඝ දේශනයක් කියවීමෙන් අනතුරුව බව්තීස්ම ගණනාවක් ද සිදු කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ දී කතෝලික පූජකවරයකු විසින් කිතුනු බැතිමතුන්ට දිව්‍ය සත්ප්‍රසාදය පිරිනමා තිබෙනවා.

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියා බැංකු cashless වෙන්න ATM වැසීමෙන් ගණුදෙනුකරුවන් අමාරුවේ

ඔස්ට්‍රේලියාවේ මුදල් රහිත සමාජයක් පිළිබඳ කථිකාවක් පැවතුණ ද භෞතික මුදල් භාවිතය නැවත පැමිණීමට ඉඩ ඇති බව මෙම සතියේ නිකුත් වූ සංචිත බැංකුවේ නව දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ක්‍රීඩකයෙක් ඔස්ට්‍රේලියා පාපන්දු කණ්ඩායමට ජයග්‍රහණය ගෙන එයි

ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත පාපන්දු ක්‍රීඩකයෙකු ඔස්ට්‍රේලියාවේ පාපන්දු ක්‍රීඩාවේ ඉහළ දක්ෂතා දක්වමින් ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇති බවට වාර්තා වනවා.

Read More »

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ

දෙසැම්බර් පළමු වනදා සිට වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යානවල සහ සාමාන්‍ය වනාන්තරවල කඳවුරු භූමිවල නොමිලේ කඳවුරු බැඳීම සඳහා අවස්ථාව ලබාදීමට තීරණය කර තිබෙනවා.

Read More »