Search

පර්ත් හි ලැව් ගිනි තත්වය වඩාත් දරුණු අතට​! නිවාස 59ක් විනාශ වී ඇතැයි විශ්වාස කෙරේ.

පර්ත් හි නැගෙනහිර දෙසින් හටගත් ලැව් ගිනි හේතුවෙන් හෙක්ටයාර​ 8,000 කට වඩා වැඩි භූමි ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වූ අතර අවම වශයෙන් නිවාස 59 ක් විනාශ වී ගොස් ඇති බවට වාර්තා වේ.

සඳුදා Wooroloo නම් ප්‍රදේශයෙන් මෙම ගින්න හට ගත් නමුත් එතැන් සිට විශාල ප්‍රදේශයක් දක්වා පැතිර ගොස් තිබේ.

DFES හි කොමසාරිස් ඩැරන් ක්ලෙම් පැවසුවේ ගින්න දිගින් දිගටම “අභියෝගාත්මක තත්වයක්” බවට පරිවර්තනය වී ඇති අතර සහ ගිනි නිවන භටයන් 200 කට වැඩි පිරිසක් තවමත් එම ස්ථානයේ සිටින බවයි.

අඟහරුවාදා සවස 6 වන විට නිවාස 1,900 කට​ පමණ තවමත් විදුලිය නොමැති බව සඳහන් වේ.

නිවාස 59 ක් විනාශ වී ඇති නමුත් කිසිදු ජීවිතයක් අහිමි වී නොමැති බව ක්ලෙම් පැවසීය.

කෙසේ වෙතත්, ගිනි නිවන භටයින් හය දෙනෙකුට සුළු තුවාල සිදුවී තිබේ.

කාලගුණ විද්‍යා කාර්යාංශය අනාවැකි පළ කරන්නේ හෙට(3) දිනයේ උපරිම උෂ්ණත්වය අංශක 34 ක් වන අතර උදේ වරුවේ පර්ත්හි දුමාරය පැතිර යාම දිගටම පවතින බවයි.

මේ අනුව​, ඉදිරියේද ලැව් ගිනි වල වර්ධනයක් අපේක්‍ෂා කිරීමට හැකි බව සඳහන්.

(7News)

Auslankatv Today’s Top Stories.2024.10.14

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ ඔස්ට්‍රේලියාවට එන්න දින කිහිපයක් තිබියදී ජනරජ යෝජනා ගැන රජුගේ මතය දන්වයි හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි

Read More »

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »