මත්ද්‍රව්‍ය නිසා මියගිය කාන්තාව කරපු වැඩ සියල්ල හෙළිවෙයි

පසුගියදා ගෝල්ඩ් කෝස්ට්හි මහල් නිවාසයකදී මත්ද්‍රව්‍ය අධික ලෙස භාවිත කිරීමෙන් මියගිය කාන්තාව ඇයගේ 40 වන උපන්දිනය සමරමින් සිටියදී එම අසත්මිකතාවට ලක්වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

40 හැවිරිදි කාන්තාවගේ අනන්‍යතාවය පොලිසිය තහවුරු කරගෙන ඇති අතර සමීප මිතුරන් හය දෙනෙකු සමගින් ඇය සර්ෆර්ස් පැරඩයිස් හි මහල් නිවාසයක උපන්දිනය සමරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඇතැම් කාන්තාවන් විවිධ මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට පොලිසිය සැක කරනවා.

බහුවිධ ඖෂධ අධික මාත්‍රාවක් පිළිබඳ වාර්තා වීමෙන් පසුව රාත්‍රී 11ට පමණ වෛද්‍යවරුන් කැඳවා තිබුණා.

එහිදී උපන්දිනය සැමරූ කාන්තාව හෘදයාබාධයකට ලක් වූ අතර වෛද්‍යවරුන්ගේ උපරිම උත්සාහය නිෂ්ඵල කරමින් ඇය මරණයට පත්වූ බවයි වාර්තා වන්නේ.

තවත් 43 හැවිරිදි කාන්තාවක් අසාධ්‍ය තත්ත්වයෙන් ගෝල්ඩ් කෝස්ට් රෝහලට ගෙන යන ලද අතර ඇය ප්‍රතිකාරවලින් පසු සුවය ලබා තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කාන්තාවන් සවිබල ගැන්වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි කතාබහක නිරත වූ මෙන්ම එම අරමුණ වෙනුවෙන් කැප වූ ව්‍යාපාරයක් ද ආරම්භ කර සිටි කාන්තාවක් බව ද සඳහන්.

විශ්‍රාම යන ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන්

විශ්‍රාම යෑමේදී මිලියන 4කට අධික ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »

TikTok වීඩියෝවක් නිසා මෙල්බන් කාන්තාවක් ලොව ජනප්‍රිය වෙයි

මෙල්බන්හි වෙස්ට් ගේට් පාලම මත මෝටර් රථයක ඉදිරිපස අසුනේ රූගත කරන ලද ටික්ටොක් විඩියෝවක් හේතුවෙන් මෙල්බන් කාන්තාවක් ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා.

Read More »