Search

මෙල්බන් නුවර දුමින් වැසී යයි

මෙල්බර්න් නුවර තෘණ භූමි ප්‍රදේශයක ආරම්භ වී ඇති හදිසි ලැව්ගිනි තත්ත්වයක් නිසා නගරය පුරා දැඩි දුමාරයක් පැතිරෙමින් පවතිනවා.

නගරයේ නිරිත දෙසින් පිහිටි ඇල්ටෝනා හි නිවාස ආසන්නයටම ගිනිදැල් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

පුර්නෙල් වීදිය අසල වගුරු බිමකින් ආරම්භ වූ ගින්න පාලනය කරගත නොහැකිව ඇවිලෙමින් පවතින අතර එය දුම්රිය මාර්ගයක් දෙසට ගමන් කරමින් පවතින බව සඳහන්.

ගින්න සමග නගරය දුමෙන් වැසී ගිය අතර ඇතැම් ස්ථානවල වාතයේ ගුණාත්මකභාවය දුර්වල ලෙස වර්ගීකරණය කර තිබෙනවා.

ප්‍රදේශවාසීන්ට නිවාස ඇතුළත රැඳී සිටින ලෙසට සහ ජනෙල් දොරවල් වසා තබා ගන්නා ලෙසටයි දැනුම් දී ඇත්තේ.

මෙල්බර්න් නගරය වසාගෙන ඇති දුමාරය සඳුදා රාත්‍රියේ හෝ අඟහරුවාදා වන විට ඉවත් වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා කාර්යාංශය සඳහන් කළා.

මෙල්බර්න්හි ප්‍රදේශ කිහිපයකට හෙට මිලිමීටර් 15 ත් 45 ත් අතර වර්ෂාපතනයක් අපේක්ෂා කරන අතර දැඩි වර්ෂාපතනය සහ හානිදායක සුළං පිළිබඳව අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »

මෙල්බන් ජනප්‍රිය “Toy Shop” එකක අනතුර සොරකමක් වෙයි

මෙල්බන් හි ජනප්‍රියතම සෙල්ලම්ඉඩු අළෙවි සැලක් කොල්ල කා පලා ගිය සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

දූෂිත ගුවන්‍ යානා ගණුදෙනුවක් හේතුවෙන් උදයංගට සහ කපිලට ඇමරිකාවෙන් සම්බාධක

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට ඇමරිකාව විසින් චෝදනා දෙකක් එල්ල කරමින් සම්බාධක පනවා තිබෙනවා.

Read More »