විදේශ භාෂා කතා කරන අයට ඔස්ට්‍රේලියා රැකියාවලදී වැඩි ඉල්ලුමක්

ඔස්ට්‍රේලියාවේ විදේශ භාෂා කතා කරන්නන් හට රැකියා සඳහා වැඩි ඉල්ලුමක් පවතින බව නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

ලොව පුරා රැකියා දැන්වීම් මිලියන 1.5කට වඩා විශ්ලේෂණය කර දැනට ඉහළම වැටුප් ලබන සහ වැඩිම ඉල්ලුමක් ඇති භාෂා පිළිබඳ අධ්‍යනයක් සිදු කර තිබුණා.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ පෘතුගීසි භාෂාව ඉහළම වැටුප් ලබන විදේශ භාෂාව ලෙස හඳුනාගෙන ඇති අතර ඔස්ට්‍රේලියාවේ ඉංග්‍රීසි කතා කරන පුද්ගලයින්ට සාපේක්ෂව වැඩි වැටුපක් පෘතුගීසි කථිකයන්ට හිමිවන බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්තවලට අනුව ඉංග්‍රීසි භාෂාව හැර ඔස්ට්‍රේලියානුවන් කතා කරන අනෙක් භාෂා අතර මැන්ඩරින්, අරාබි, වියට්නාම, කැන්ටනීස් සහ පන්ජාබ් භාෂා ඇතුලත් වන අතර පෘතුගිසි භාෂාවට හිමිවන්නේ 24වන ස්ථානයයි.

මීට අමතරව ඉහළම වැටුප් ලබන අනෙක් විදේශ භාෂාව ලෙස අරාබි භාෂාව නම් කර ඇති අතර ඩෙන්මාර්ක්, ජපන්, මැන්ඩරින්, ප්‍රංශ සහ ස්වීඩන් භාෂා කතිකයින් සඳහා ද ඔස්ට්‍රේලියාවේ රැකියා සඳහා වැඩි ඉල්ලුමක් පවතින බව සඳහන්.

ඒ අනුව සේවා ස්ථානවල ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා කථන හැකියා සහිත පුද්ගලයින් සඳහා වැඩි වැටුප් හා ප්‍රතිලාභ හිමිවන අතර දෙවන භාෂාවක් කතා කිරීමට හැකි සේවකයින් සිටීම ආයතනයට ද වාසි සහගත බවයි වාර්තා වන්නේ.

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »

TikTok වීඩියෝවක් නිසා මෙල්බන් කාන්තාවක් ලොව ජනප්‍රිය වෙයි

මෙල්බන්හි වෙස්ට් ගේට් පාලම මත මෝටර් රථයක ඉදිරිපස අසුනේ රූගත කරන ලද ටික්ටොක් විඩියෝවක් හේතුවෙන් මෙල්බන් කාන්තාවක් ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම් කිහිපයක්

අද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන වර්ෂාවක් සමඟ කාලගුණ අනතුරු ඇඟවීම් කිහිපයක් නිකුත් කර තිබෙනවා.

Read More »