දකුණු ලෙබනනයේ ඊශ්‍රායල ප්‍රහාරවලට ඔස්ට්‍රේලියානුවෙකුත් ගොදුරු වෙයි

දකුණු ලෙබනනයේදී එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් එක්සත් ජාතීන්ගේ සංවිධාන නිරීක්ෂකයින් තිදෙනෙකු සහ පරිවර්තකයෙකු තුවාල ලබා තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම සඳහන් කළේ දේශසීමා මුර සංචාරයේ යෙදී සිටියදී තුවාල ලැබූ මෙම තුන්දෙනා අතර ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු ද සිටින බවයි.

ඊශ්‍රායල ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වූ බවට ලෙබනනය පවසන අතර ඊශ්‍රායල හමුදාව එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

තුවාල ලැබූවන් ප්‍රතිකාර ලබමින් සිටින අතර සිද්ධිය පිළිබඳව විමර්ශනය කරන බව එක්සත් ජාතීන්ගේ මෙහෙයුම ප්‍රකාශ කළා.

ලෙබනනයේ භාරකාර අගමැති නජීබ් මිකාටි ද එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලය ඉලක්ක කර පහරදීම හෙළා දැක තිබෙනවා.

ඩ්‍රෝන් ප්‍රහාරයෙන් ඔස්ට්‍රේලියාව, චිලී සහ නෝර්වේ යන රටවල තිදෙනෙකු මෙන්ම ලෙබනන් භාෂා පරිවර්තකයෙකු තුවාල ලැබූ බවයි මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »