ඔස්ට්‍රේලියාව පුරා කිතුණු බැතිමතුන් පාස්කු දිනය සමරයි

ඔස්ට්‍රේලියාව පුරා ජනතාව අද දිනයේදී ඉතා උත්කර්ශවත් ආකාරයෙන් පාස්කු ඉරිදා සමරුම්වලට එක්ව සිටිනවා.

විවිධ ප්‍රාන්තවල කිතුනු ආගමික නායකයන් විසින් දිනයේ වැදගත්කම දේශනා කළ අතර ඔවුන්ගේ සභාවන් තුළ බලාපොරොත්තුවේ සහ හොඳ හිතේ පණිවිඩ පතුරුවා හැරි බවයි සඳහන් වන්නේ.

මෙල්බර්න් හි ශාන්ත පැට්‍රික් ආසන දෙව්මැදුරේ පාස්කු දේව මෙහෙයේදී ලොව පුරා යුද්ධය සහ නොසන්සුන්තාව හමුවේ පවතින ගැටලු පිළිබඳ අගරදගුරු පීටර් කොමෙන්සෝලි ධනාත්මක පණිවිඩයක් ලබා දී තිබෙනවා.

ගැටුම් සහ වෛරය නොවැළැක්විය හැකි දෙයක් නොවන අතර සාමය, සුවය, දයාව සහ සමාව දීම කළ යුතු දෙයක් බවයි උන්වහන්සේ දේශනා කළේ.

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සකල ලෝක වර්ගයා පාපයෙන් ගලවා ගැනීම සඳහා කුරුසයේ ජීවිතය පූජාකර දින 03කට පසු උත්ථානය ලැබීම පාස්කු මංගල්‍යය ලෙස කිතුණුවන් සමරනු ලබනවා.

ජේසුස් වහන්සේගේ දුක් විඳීම, මරණය සහ උත්ථානය සිහිපත් කරමින් කිතුණුවන් විවිධ වත්පිළිවෙත් සිදුකරන අතර ගත කළ දින 40ක චතාරික සමය ද අද දිනයෙන් අවසන් වනවා.

ඊශ්‍රායලයේ ජෙරුසලම් අගනුවර කල්වාරි කන්දේ දී කුරුසියේ ඇණ ගසා මරණයට පත් කළ උන්වහන්සේ අද වැනි දිනක උත්ථාන වී සිය අනුගාමිකයින්ට දර්ශනය වූ බව බයිබලයේ සඳහන්.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »