සිඩ්නි නගරයට බටහිර දෙසින් පිහිටි ගුහාවක සිරවී සිටි දෙදෙනෙකු පැය දහයක පමණ මෙහෙයුමකින් පසු බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත්වී තිබෙනවා.
කාර්ය මණ්ඩලය ප්‍රකාශ කර ඇත්තේ ගුහාවලින් මෙම පුද්ගලයන් දෙදෙනා බේරා ගැනීම තමන් සිදු කරන ලද භයානක මෙහෙයුමක් බවයි.
ඊයේ රාත්‍රී 7.20ට පමණ ජෙනොලන් ගුහා වෙත හදිසි සේවා කැඳවනු ලැබුවේ පැය කිහිපයක් පුරා පටු මාර්ගයක පුද්ගලයන් කිහිප දෙනෙකු සිරවී සිටීම හේතුවෙන්.
කණ්ඩායමක් ලෙස ලෙන් ගවේෂණයේ යෙදී සිටි යුවළක් මෙලෙස සිර වී සිටි අතර පොලිසිය ප්‍රකාශ කළේ ඔවුන් දෙදෙනා ගවේෂණයට එක්වූ කැන්බරාහි විශාල කණ්ඩායමක කොටසක් බවයි.
ඔවුන් සිරවී සිටින බවට ගුහාවෙන් පිට සිටින පිරිසට කළ අනතුරු ඇඟවීමක් සමග සහන කණ්ඩායම් දැනුවත් කර බේරා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවා.
ඒ අනුව ගුහා භූමියේ පැය දහයකට ආසන්න කාලයක් බේරා ගැනීමේ මෙහෙයුම සිදු වූ අතර අද අලුයම 5 ට පමණ ඔවුන් පිටතට පැමිණ තිබෙනවා.
මෙම දෙදෙනා නිදහස් කර ගැනීමට පැය ගණනාවක් ගත වුව ද ඔවුන් දෙදෙනාම ආරක්ෂිතව හා හොඳින් එම ස්ථානයෙන් පිටව යනු දැකීම සතුටක් බවයි මෙහෙයුම් නිලධාරීන් කියාසිටියේ.