දශක ගණනාවක් පැරණි ඔලිම්පික් වාර්තාවක් බිඳින්න ඔස්ට්‍රේලියාවේ දැරියන් දෙදෙනෙක් සූදානමින්

මෙවර පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී දශක ගණනාවක් පැරණි ඔස්ට්‍රේලියානු වාර්තාවක් බිඳ හෙළීමේ බලාපොරොත්තුවෙන් ක්වීන්ස්ලන්ත ස්කේට්බෝඩ් ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සූදානම් වෙමින් සිටිනවා.

13 හැවිරිදි ක්වීන්ස්ලන්ත ස්කේට්බෝඩ් ක්‍රීඩිකාවක් වන ඇරීසා ට්‍රෙව් (Arisa Trew) සහ ස්ට්‍රීට් ස්කේටර් (Street skater) ක්‍රීඩිකාවක් වන 14 හැවිරිදි ක්ලොයි කොවෙල් (Chloe Covell) විසිනුයි මෙම වාර්තා බිඳ හෙළීමේ බලාපොරොත්තුවෙන් පසුවන්නේ.

ඔස්ට්‍රේලියාවේ ලාබාලතම ඔලිම්පික් පදක්කම්ලාභියා බවට මෙතෙක් වාර්තා අතරට පත්ව සිටියේ 1956 දී නිදහස් ආර පිහිනුම් ඉසව්වෙන් රන් පදක්කම් දිනු සැන්ඩ්‍රා මෝගන් (Sandra Morgan) නම් කාන්තාවයි.

ඇය එම සම්මානය දිනා ගනු ලැබුවේ ඇයට වයස අවුරුදු 14ක් ව තිබියදී මෙල්බන් නුවර පැවති ඔලිම්පික් තරගාවලියේදී යි.

මෙම වාර්තාව අලුත් කිරීමේ අරමුණින් ලාබාලතම ස්කේට්බෝඩ් ක්‍රීඩිකාවන් දෙදෙනා එළඹෙන ජූලි මාසයේදී පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තම ස්ථානය තහවුරු කර ගැනීම සඳහා සුදුසුකම් ලැබීමේ තරඟ දෙකකට සූදානම් වෙමින් සිටිනවා.

ඇරීසා ට්‍රෙව් ස්කේට්බෝඩ් ක්‍රීඩිකාවන් අතරින් දැනට ලෝක ශ්‍රේණිගත කිරීම්වල 11 වැනි ස්ථානයේ පසුවනවා.

මැයි මාසයේදී යෙදෙන උපන්දිනයත් සමඟ පැරිස් ක්‍රීඩා උළෙලේදී ට්‍රෙව්ට වයස අවුරුදු 14ක් වුව ද 1956 දී රන් පදක්කම් දිනූ මෝගන්ට වඩා ඇය මාස තුනක් බාල වනවා.

ඔස්ට්‍රේලියානු ඔලිම්පික් කමිටුව ප්‍රකාශ කළේ මෙතෙක් පදක්කම් සඳහා තරග කර ඇත්තේ වයස අවුරුදු 13ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙකු පමණක් බවයි.

ඉයන් ජොන්ස්ටන් 1960 දී ඔරු පැදීම සඳහා තරඟ කළ අතර පිහිනුම් ක්‍රීඩකයින් වන ට්‍රේසි වික්හැම් සහ ජෝ-ඇන් බාර්න්ස්
1968දී සහ 1976 දී ඕස්ට්‍රේලියාව නියෝජනය කළා.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »