මෝටර් රථ යතුරු සහ නිවාස ආරක්ෂණ පද්ධති හැක් කිරීමේ අවදානමක්

ෆ්ලිපර් සීරෝ (Flipper Zero) සහ ඒ හා සමාන උපාංගවලට මෝටර් රථ යතුරු සහ නිවාස ආරක්ෂණ පද්ධති හැක් කිරීමේ හැකියාවක් ඇති බව ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත පොලිසිය පවසනවා.

මෙම උපාංග දැනට ඔස්ට්‍රේලියාවේ නීත්‍යානුකූල වන අතර කිසිදු ආරක්ෂක පරීක්ෂාවකින් තොරව අන්තර්ජාලය හරහා මිලදී ගත හැකි බව සඳහන්.

ක්වීන්ස්ලන්ඩ් පොලිසිය සැක කරන්නේ ඔස්ට්‍රේලියාවේ පවතින විදේශ ප්‍රවණතා මත පදනම්ව අනවසරයෙන් ඇතුළුවීමේ සිදුවීම් වාර්තා වීමේ ප්‍රවනතාව වැඩි විය හැකි බවයි.

ඔස්ට්‍රේලියාවට පැමිණෙන නව තාක්‍ෂණය හේතුවෙන් බොත්තමක් එබීමෙන් පමණක් මෝටර් රථ සහ නිවෙස්වලට ඇතුළු වීමට හැකි සොරුන්ගේ පරම්පරාවකට ඉඩ සැලසීමේ හැකියාව ඇති බව පොලිසිය අනතුරු අඟවා තිබෙනවා.

ක්වීන්ස්ලන්ත පොලිස් අධිකාරීවරයා පවසන්නේ Flipper Zero උපාංගවලට ගරාජ් දොරවල් විවෘත කිරීමට, බැංකු කාඩ්පත් තොරතුරු සොරකම් කිරීමට, බ්ලූටූත් ස්පෑම් ඔස්සේ දුරකථන සබඳතා බිඳ දැමීමට මෙන්ම රූපවාහිනී පාලනය කිරීමට හැකියාව ඇති බවයි.

මෙම තත්වය මත නිවැසියන් ඔවුන්ගේ යතුරු, කාඩ්පත් සහ අනෙකුත් උපාංග ආරක්ෂිත ස්ථානයක තබා ගත යුතු බව දැනුම් දෙනවා.

Flipper Zero තාක්‍ෂණයෙන් තම දේපළ ආරක්ෂා කර ගැනීමට ගරාජයේ සිට නිවසට යන අභ්‍යන්තර දොරවල් අගුලු දැමීම, විදුලි යතුරු සහිත මෝටර් රථ සඳහා රෝද අගුලු ද දැමිය හැකියි.

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »