දැවැන්ත සන්නිවේදන සමාගමක පාරිභෝගිකයන් මිලියන 73කගේ දත්ත සොරකම් කරයි

ඇමරිකාවේ දැවැන්ත සන්නිවේදන සමාගමක් වන “ඒ ටී ඇන්ඩ් ටී” හි ( AT&T) වර්තමාන සහ හිටපු පාරිභෝගිකයන් මිලියන 73කගේ පුද්ගලික දත්ත අන්තර්ජාලය හරහා කිසියම් පිරිසක් ලබාගෙන ඇතැයි තොරතුරු අනාවරණ වී තිබෙනවා.

පෞද්ගලික ලිපිනයන්, සමාජ ආරක්ෂණ අංක සහ මුර කේතය ඇතුළු තොරතුරු Dark web අඩවියේ ප්‍රකාශයට පත් කර ඇති බවයි එක්සත් ජනපද ටෙලිකොම් දැවැන්තයා සඳහන් කළේ.

“ඒ ටී ඇන්ඩ් ටී” පැවසුවේ දත්ත සොරකම් කර ඇති බවට සාක්ෂි හඳුනාගෙන නොමැති නමුත් විමර්ශනය සඳහා සයිබර් ආරක්ෂණ විශේෂඥයින් ගෙන්වා ඇති බවයි.

දත්ත සොරකම් කළ බවට හඳුනාගෙන ඇති පාරිභෝගිකයින්ට ඔවුන්ගේ මුර කේත ස්වයංක්‍රීයව නැවත සකසා තිබෙනවා.

ගිණුම් ක්‍රියාකාරකම් සහ ණය වාර්තා නිරීක්ෂණය කර සුපරීක්ෂාකාරීව සිටින ලෙසටයි සමාගම ඔවුන්ගෙන් ඉල්ලා ඇත්තේ.

ලබාගෙන ඇති දත්ත 2019 වසර හෝ ඊට පෙර ඒවා බව පෙනෙන අතර වත්මන් පාරිභෝගිකයින් මිලියන 7.6ක් සහ හිටපු ගිණුම් හිමියන් මිලියන 65.4කගේ තොරතුරු ඊට සම්බන්ධ වී ඇති බව සඳහන්.

සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම දත්ත තමන්ගේම පද්ධතිවලින් හෝ තෙවන පාර්ශවීය සැපයුම්කරුවෙකු හරහා ලබාගෙන ඇති ද යන්න අපැහැදිලි බවයි.

AT&T හි රැහැන් රහිත 5G ජාලය එක්සත් ජනපදය පුරා මිලියන 290ක ජනතාවක් ආවරණය කරන අතර සමාගම රටේ විශාලතම ජංගම සහ අන්තර්ජාල සේවා සපයන්නන්ගෙන් එකක් ලෙසටයි සැලකෙන්නේ.

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »