සිඩ්නි අවට පැතිර යන රෝගයක් නිසා අනතුරු ඇඟවීමක්

බටහිර සිඩ්නි ප්‍රදේශයේ සරම්ප රෝගය පැතිර යාමත් සමඟ නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය නිලධාරීන් මහජනතාවට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

මෙම මස මුලදී සරම්ප රෝගය වැළඳී ඇති බවට හඳුනාගත් ළදරුවෙකු සමඟ සිටි කාන්තාවක් මෙම රෝගයට ගොදුරු වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

නගරයේ බටහිර තදාසන්න ප්‍රදේශවල විවිධ නිරාවරණ ස්ථාන සලකුණු කර ඇති අතර රෝග ලක්ෂණ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස බලධාරීන් ජනතාවට උපදෙස් දී තිබෙනවා.

පසුගිය 24 වනදා සහ 29 අතර සිඩ්නි ආසන්නයේ විවිධ ප්‍රදේශවල අදාළ කාන්තාව සැරිසරා ඇති බැවින් එම ප්‍රදේශවල සිටි ජනතාව සැලකිලිමත් විය යුතුයි.

නිව් සවුත්වේල්ස් සෞඛ්‍ය අංශය පැවසුවේ එම ස්ථානවල සිටි ඕනෑම අයෙකු වෛරසයට නිරාවරණය වී ඇති අතර රෝග ලක්ෂණ නිරීක්ෂණය කළ යුතු බවයි.

Baby Bunting, Blacktown Megacentre on 24 March between 3.00pm and 4.00pm

Kmart Blacktown on 24 March between 4.00pm and 5.00pm

Winston Hills Mall on 28 March between 12.00pm and 2.30pm

Westmead Hospital Emergency Department on 29 March 2024 between 2.00pm and 10.30pm.

මහජනතාවට අඛණ්ඩව දැඩි අවදානමක් නොමැති නමුත් එම ස්ථානවලට පැමිණි අය බෝවන රෝගයේ ලක්ෂණ පිළිබඳව සොයා බැලීම වැදගත් බව බටහිර සිඩ්නි මහජන සෞඛ්‍ය ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කොන්රාඩ් මොරේරා ප්‍රකාශ කළා.

සරම්ප රෝග ලක්ෂණ අතරට උණ, ඇසේ වේදනාව, නාසයෙන් දියර ගැලීම සහ දින තුන හතරකට පසුව ඇතිවන කැස්ස මෙන්ම හිසේ සිට පැතිරෙන රතු පැහැති ලප අයත් වනවා.

ආසාදිත පුද්ගලයෙකුගේ කැස්ස හෝ කිවිසුම් තුළින් සරම්ප වෛරසය වාතය හරහා පැතිරෙන අතර නිරාවරණය වීමෙන් පසු රෝග ලක්ෂණ මතු වීමට දින 18ක් පමණ ගත විය හැකියි.

රෝග ලක්ෂණ ඇති ඕනෑම අයෙකු තම වෛද්‍යවරයා හමුවිය යුතු අතර ඔවුන් වෙනත් රෝගීන් සමඟ පොරොත්තු කාමරයේ නොසිටීමට වග බලා ගත යුතු බවටයි දැනුම් දෙන්නේ.

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »