නව ප්‍රතිකාරයක් වෙනුවෙන් ෆෙඩරල් රජයෙන් ඩොලර් මිලියන 20ක්

ඔස්ට්‍රේලියානු ළමුන් අතර පවතින මොළය ආශ්‍රිත පිළිකා අවදානම පාලනය කිරිමට අදාළ නව ප්‍රතිකාර සඳහා ඩොලර් මිලියන 20ක් අරමුදල් වෙන් කිරීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

මෙම වැඩපිළිවෙල ඔස්ට්‍රේලියානුවන්ට නව බලාපොරොත්තුවක් සහ උපකාරයක් ලබා දෙන පුළුල් පරාසයක ජාතික පර්යේෂණ වැඩසටහනක් ලෙසයි නම්කර ඇත්තේ.

වෛද්‍ය පර්යේෂණ අනාගත අරමුදල (MRFF) හරහා වසර හතක් පුරා ඩොලර් මිලියන 20ක් දක්වා සායනික අත්හදා බැලීම් සහ නව ප්‍රතිකාර සොයා ගැනීම සඳහා අත්‍යවශ්‍ය කටයුතු වෙනුවෙන් එම අරමුදල් සපයනු ඇති.

ළමා පිළිකා සඳහා සමස්ත පැවැත්මේ අනුපාතය දැන් සියයට 80 ඉක්මවන අතර මොළයේ පිළිකා ළමුන් අතර්ද් වැඩි වශයෙන් හදුනාගෙන ඇති බව සඳහන්.

මොළය ආශ්‍රිත පිළිකා මාරාන්තික වන අතර අනෙකුත් පිළිකාවලට සාපේක්ෂව ළමා මරණ සංඛ්‍යාව ද ඉහල ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

DIPJ යනු දුර්ලභ හා ඉතා ආක්‍රමණශීලී ළමා මොළයේ පිළිකාවක් වන අතර ඩීඅයිපීජී සහිත දරුවන් 10 දෙනෙකුගෙන් 1 අයෙක් පමණක් රෝග විනිශ්චය කිරීමෙන් පසු වසර දෙකක් ජීවත් වන අතර එම රෝගීන් 100න් 1ට අඩු ප්‍රමාණයක් වසර පහක් ජීවත් වන බව ද සදහන්.

මෙම වැඩසටහනේ කොටසක් ලෙස ළමා මොළයේ පිළිකා සායනික අත්හදා බැලීම් සංගමයක් ද ස්ථාපිත කිරිමට නියමිතයි.

ඔස්ට්‍රේලියාව පැරදූ ඇෆ්ගනිස්ථානයට වාර්තාගත ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාලියේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම පරදවා ඉතිහාසගත වන ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද සමත්වුණා. ඒ ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග අද පැවති තරගය ලකුණු 21කින් ජය ගැනීමත් සමගයි. ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව තරගයක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ද මෙය ලෙසටයි වාර්තා අතරට එක්වන්නේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 148ක් රැස් කළා. Rahmanullah Gurbaz පන්දු 49කින් වේගවත් ලකුණු

Read More »

T20 ලෝක කුසලානයේදී Pat Cummins ගෙන් යළිත් වාර්තාවක්

2024 පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා ක්‍රීඩක පැට් කමින්ස් අද සමත්වුණා.

Read More »

ඔස්ට්‍රේලියානු තරුණයන්ගේ ක්‍රියාවක් නිසා අනාගතය ගැන අවදානමක්

දකුණු ඔස්ට්‍රේලියානු තරුණයින් අතර සාමාන්‍ය දුම් පානය අභිබවා ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතය ඉහළ ගොස් ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඇෆ්ගනිස්ථානයෙන් ඔස්ට්‍රේලියාවට ලකුණු 149ක ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ super 8 වටයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 149ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »

NSW පොලිසියට එරෙහිව ජනතාව තීරණයක් ගනී

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පොලිසියට එරෙහිව සාමාන්‍ය ජනතාව විසින් පැමිණිලි 26,000කට වැඩි ප්‍රමාණයක් ගොනු කර ඇති බවට නව දත්ත මගින් හෙළිවී තිබෙනවා.

Read More »