Search

සුපිරි වෙළඳසැල්වලට යන පිරිස යොදාගෙන අලුත් සමීක්ෂණයක්

බොහෝ තරුණ ඕස්ට්‍රේලියානුවන් සහ අඩු ආදායම්ලාභී පවුල් ඔවුන්ගේ වාර්ෂික ආදායමෙන් හතරෙන් එකක් සිල්ලර බඩු සඳහා වියදම් කරන බව නවතම සමීක්ෂණයකින් සොයාගෙන තිබෙනවා.

සුපිරි වෙළඳසැල් භාවිත කරනු ලබන ගනුදෙනුකරුවන් 13,000කට වඩා වැඩි සංඛ්‍යාවක් යොදා ගනිමින් ඔස්ට්‍රේලියා පාරිභෝගික අධිකාරිය සිදු කළ සමීක්ෂණයක් මගිනුයි මෙම තොරතුරු අනාවරණ වී ඇත්තේ.

ඇතැම් දෙමවුපියන් වැඩිවන ජීවන වියදම් අර්බුදය සමඟ අරගල කරන විට තම දරුවන් කුසගින්නේ නොතැබීම සඳහා අඩුවෙන් ආහාර ගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා.

සුපිරි වෙළඳසැල් බොහෝ කලක සිට මිල ගණන් අඩු කිරීමට පොරොන්දු වී ඇතත් තවමත් එය ක්‍රියාත්මක නොවන බවටයි චෝදනා එල්ල වන්නේ.

කෙසේවෙතත් ප්‍රධාන සුපිරි වෙළඳසැල් පවසන්නේ මිල ගණන් සම්බන්ධයෙන් යෝජනා කරන ලද නව නීති මත තමන් ක්‍රියාත්මක වෙමින් සිටින බවයි.

ඔවුන් තම වෙළඳපල බලය නැවත නැවතත් අයුතු ලෙස භාවිතා කරන්නේ නම් ප්‍රධාන සමාගම්වල වත්කම් සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට සිදු වනු ඇති බවට අනතුරු අඟවා තිබෙනවා.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »