Search

ගංවතුරේ හදන නිවාස ව්‍යාපෘතියකට විරෝධයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ නගරයේ ජල ගැලීම්වලට ලක්වන ප්‍රදේශයක නිවාස 78ක් ඉදිකිරීමේ සැලසුම ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධයට ලක්වී තිබෙනවා.

නිවාස ඉදි කිරීමට යෝජිත ප්‍රදේශයේ ජීවත්වන පුද්ගලයන් පෙන්වා දෙන්නේ නිවාස තැනීමට මෙය සුදුසු ස්ථානය නොවන බවයි.

නිරන්තර ජල ගැලීම් හේතුවෙන් අනාරක්ෂිත වන මෙම භුමි ප්‍රදේශයේ නිවාස ඉදි කළ හොත් එය අනාගතයේදී මිනිසුන්ට හානිදායක වනු ඇති බවයි ඔවුන් අනතුරු අඟවන්නේ.

මෙම භූමිය ගංවතුරෙන් බලපෑමට ලක්වන අතර දැඩි වර්ෂාව පවතින අවස්ථාවන්වල බෙන්ඩිගෝ ගඟේ ජල මට්ටම සීග්‍රයෙන් වැඩි වන බව ඔවුන් පෙන්වා දෙනවා.

එමෙන්ම නිවාස ඉදි කිරීමට යෝජිත භුමිය කෘෂිකාර්මික කලාපයක් වන අතර නිවාස යෝජනා ක්‍රමය අසල්වැසි ප්‍රදේශයකට රැගෙන යා යුතු බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

ප්‍රදේශයේ හිටපු ප්‍රාන්ත මන්ත්‍රීවරයෙකු වන මැක්ස් ටර්නර් පවසන්නේ ගංවතුර බිම්වල සංවර්ධන කටයුතු හොඳ අදහසක් නොවන බවයි.

ප්‍රජා සාමාජිකයින්ට මෙම යෝජනාව සම්බන්ධයෙන් සභාවට කරුණු ඉදිරිපත් කිරීමේ අවස්ථාව පසුගිය 25 වනදායින් අවසන්ව තිබුණා.

බෙන්ඩිගෝ නගර බලධාරීන් සඳහන් කළේ ඉඩම ගංවතුරට ගොදුරු විය හැකි වුව ද සැලසුම් සහ ගොඩනැගිලි බලපත්‍ර කොන්දේසිවලට අනුකූල නම් මෙම සංවර්ධන සැලසුම් නතර නොකරන බවයි.

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »