නොමිලේ ආහාර දෙන පුණ්‍යායතනවලට දැඩි බලපෑමක්

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් අර්බුදය අහාර පරිත්‍යාගවලට දැඩි බලපෑමක් එල්ල කර ඇති බැවින් Food Bank වැනි ආහාර පුණ්‍යායතන රජයේ සහයෝගය ඉල්ලා සිටිනවා.

ආහාර ඉල්ලුම පෙර නොවූ විරූ ආකාරයෙන් වර්ධනය වීමත් සමඟ විශාල පිරිසකට ජීවන මාර්ගයක් සපයන මෙම සේවාවන් අත්‍යවශ්‍ය වී ඇති බවයි පැවසෙන්නේ.

බ්‍රිස්බේන් නගරය ආශ්‍රිතව ඇති පුණ්‍යායතනයක නිලධාරීන් සඳහන් කළේ එම ප්‍රදේශයේ පවුල් 60ත් 100ත් අතර සංඛ්‍යාවකට ආහාර ලබාදීමට තම ආයතනයට සිදුවී ඇති බවයි.

සතියකට ආහාර පාර්සල් 100ක් පමණ ලබා දෙන අතර ආහාර වවුචර්, ඉන්ධන වවුචර, බිල්පත් ආධාර ද ලබා දෙන බවයි ඔවුන් සඳහන් කළේ.

සෑම සතියකම ආහාර කිලෝග්‍රෑම් 200,000ක් ලැබුණද, එය ප්‍රමාණවත් නොවන බව ක්වීන්ස්ලන්ඩ් හි Foodbank ප්‍රධාන විධායක ජෙස් වොට්කින්සන් ප්‍රකාශ කරනවා.

පුණ්‍යායතනයේ විශාලතම පරිත්‍යාගශීලීන් වන ඔස්ට්‍රේලියානු ගොවීන් මූල්‍ය පීඩනයට හමුවේ පරිත්‍යාගවලින් ඉවත් වෙමින් සිටින බව ද සඳහන්.

ගොවීන්ගේ ඔවුන්ගේ වියදම් පියවා ගැනීම සඳහා නිෂ්පාදන මිල ඉහළ යා යුතු වීම හමුවේ පරිත්‍යාග කිරීම පහත වැටීම සාමාන්‍ය සිදුවීමක් බවයි පුණ්‍යායතන පෙන්වා දෙන්නේ.

ක්වීන්ස්ලන්ඩ් හි ෆුඩ්බෑන්ක් ආයතන විශ්වාස කරන්නේ ජනතාවට බදු සහනයක් මගින් තවත් පරිත්‍යාග ලැබෙනු ඇති බවයි.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »