ඔස්ට්‍රේලියනුවන්ට විදුලි බිල ඉතිරි කර ගන්න ක්‍රමයක්

ස්මාර්ට් මීටර් ක්‍රමවේදය මගින් ඔස්ට්‍රේලියනුවන්ට බලශක්ති බිල්පත් සඳහා යන වියදම් අඩු කර ගැනීමට හැකි බව විශේෂඥයන් පවසනවා.

විදුලි බිල අඩු කර ගැනීමට උත්සාහ කරන්නේ නම් ස්මාර්ට් මීටර් ක්‍රමවේදයට යොමු විය යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

නිවසක විදුලිය කොපමණ ප්‍රමාණයක් භාවිතා කරන්නේ ද යන්න හෙළි කර ගැනීම සඳහා විදුලි සමාගම් මේ වන විට වැඩි වශයෙන් භාවිත කරනු ලබන්නේ ස්මාර්ට් මීටර් ක්‍රමවේදයයි.

2000 වසරේ සිට ක්‍රියාත්මක ඩිජිටල් ස්මාර්ට් මීටර් වඩාත් ජනප්‍රිය වෙමින් ඇති අතර බිල්පත් ගණනය පහසු කිරීම ඇතුලු ප්‍රතිලාභ රැසක් ද එහි පවතිනවා.

ස්මාර්ට් මීටරයක් යනු නිවසක හෝ ආයතනයක කොපමණ විදුලිය භාවිතා කරන්නේද යන්න මනිනු ලබන ඩිජිටල් සන්නිවේදන පද්ධතියක් සහිත උපාංගයක්.

එමගින් විදුලි භාවිත කිරීමේ දත්ත ස්වයංක්‍රීයව බලශක්ති සමාගමට සම්ප්‍රේෂණය වන බැවින් ඔවුන්ට නිවසට පැමිණීමක් නොමැතිව දුරස්ථව මීටරය කියවිය හැකි අතර ඇස්තමේන්තුගත බිල්පත් ඉවත් කිරීමට ද හැකියාව පවතිනවා.

බලශක්ති කාර්යක්ෂමතා කවුන්සිලයේ ප්‍රතිපත්ති සහ පර්යේෂණ ජ්‍යෙෂ්ඨ උපදේශක ඇලෙක්ස් ජෝන් පවසන්නේ ස්මාර්ට් මීටරවලට බලශක්ති භාවිතය පිළිබඳ යාවත්කාලීන වූ තොරතුරු සැපයිය හැකි බවයි.

භාවිතා කළ මුළු විදුලි ප්‍රමාණය පමණක් නොව, කුමන වේලාවක කොපමණ ප්‍රමාණයක් භාවිතා කළේ ද යන්න එමගින් පැවසිය හැකි වීම විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියානු බලශක්ති වෙළෙඳපොළ කොමිසම 2030 වන විට ස්මාර්ට් මීටර භාවිතය අනිවාර්ය කර තිබෙනවා.

ජනතාවට සහන ගේන්න සුපිරි වෙළඳසැල්වලට නව නීතියක්

පාරිභෝගිකයන්ගෙන් මෙන්ම සැපයුම්කරුවන්ගෙන් අඛණ්ඩව එල්ලවන විවිධ චෝදනා හමුවේ මහා පරිමාණ සුපිරි වෙළඳසැල් සඳහා නව නීති ගෙන ඒමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලොව පළමු වරට මැතිවරණයකට AI අපේක්ෂකයෙක්

ලොව ප්‍රථමවරට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »