ලැව් ගිනි හේතුවෙන් පර්ත් හි අවම වශයෙන් නිවාස තුනක් වත් විනාශ වී ඇති බවට වාර්තා වේ.

පර්ත් කඳුකරයට ආසන්නයේ පිහිටි කුඩා නගරයක් වන Wooroloo හි පාලනය කළ නොහැකි ලැව් ගින්නක් හට ගත් නිසා අවම වශයෙන් නිවාස තුනක් විනාශ වී ඇතැයි විශ්වාස කෙරේ.

බටහිර ඕස්ට්‍රේලියාවේ ගිනි හා හදිසි සේවා දෙපාර්තමේන්තුව විසින් වයඹ දිශාවට වේගයෙන් ගමන් කරන ගින්න සම්බන්ධයෙන් හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

දැනටමත් අවම වශයෙන් එක් නිවසක් ගින්නට හසු වී ඇති අතර තවත් දේපල ගණනාවකට මෙම ගින්නෙන් හානි සිදුවෙමින් පවතින බව ගුවන් දර්ශනවලින් දැක්වේ.

සියලුම දොරවල් සහ ජනෙල් වසා දමා වාෂ්පීකරණ වායුසමීකරණය අක්‍රිය කරන ලෙස නිවැසියන්ට උපදෙස් දෙනු ලැබේ.

Swan View හි ඇම්හර්ස්ට් පාරේ බ්‍රවුන් පාර්ක් විනෝද සංකීර්ණයේ ගින්නෙන් පීඩා විඳින්නන් රඳවා තබා ගන්නා මධ්‍යස්ථානයක් පිහිටුවා ඇත.

මෙම ප්‍රදේශයේ කොරෝනා lockdown තත්වයක් පවතින බැවින්තම නිවෙස් අතහැර යාමට බල කරන ඕනෑම අයෙකුට මුව ආවරණ පැළඳිය යුතු අතර සුදුසු ශාරීරික දුරස්ථභාවයක් පවත්වා ගැනීම ඇතුළු පූර්වාරක්ෂාවන් අනුගමනය කළ යුතු බව DFES පැවසීය.

(7News)

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

නිදහස් කල ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නෑ

රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබූ ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නොමැති බවට ෆෙඩරල් රජය විසින් පිළිගෙන තිබෙනවා.

Read More »