Search

යුක්රේනයට එරෙහි රුසියානු සටන්වලදී ශ්‍රී ලාංකිකයෙක් මරුට

යුක්රේනයට එරෙහිව රුසියානු හමුදාවට එක්ව සටන් කළ 27 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

රුසියානු බංකරයකට එල්ල වූ යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් නිපුන සිල්වා නමින් හැඳින්වෙන මෙම ශ්‍රී ලාංකිකයා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූ නිපුන සිල්වා ආරක්ෂිත ස්ථානයකට ගෙන යාමට උත්සාහ කිරීමේදී තවත් ශ්‍රී ලාංකිකයෙකු වන සේනක බණ්ඩාර ද තුවාල ලබා ඇතැයි සඳහන්.

පවතින ආර්ථික ගැටලු හේතුවෙන් මෙම ශ්‍රී ලාංකික තරුණයා රුසියානු හමුදාවට සම්බන්ධ වූ බව මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ශ්‍රී ලංකා හමුදාව හැර ගොස් රුසියානු හමුදා සමග එක්වූ වසර දහයක හමුදා පල පුරුද්දක් ඇති අයෙක්.

ශ්‍රී ලංකාවේ වෙසෙන තම පවුල නඩත්තු කිරීම සඳහා හමුදා වැටුප ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඔහු හමුදාවෙන් ඉවත් වී රුසියානු හමුදාව වෙනුවෙන් සටන් කිරීමට තීරණය කර තිබූ බව සඳහන්.

මෙම මරණයත් සමග ශ්‍රී ලාංකික සෙබළුන් දෙදෙනෙකු මේ වන විට යුක්‍රේන රුසියා ගැටුම් හේතුවෙන් මියගොස් තිබෙනවා.

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »

මෙල්බන් ජනප්‍රිය “Toy Shop” එකක අනතුර සොරකමක් වෙයි

මෙල්බන් හි ජනප්‍රියතම සෙල්ලම්ඉඩු අළෙවි සැලක් කොල්ල කා පලා ගිය සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

දූෂිත ගුවන්‍ යානා ගණුදෙනුවක් හේතුවෙන් උදයංගට සහ කපිලට ඇමරිකාවෙන් සම්බාධක

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට ඇමරිකාව විසින් චෝදනා දෙකක් එල්ල කරමින් සම්බාධක පනවා තිබෙනවා.

Read More »