පාලමේ සුන්බුන් ඉවත් කරන්න විශාලතම දොඹකරය බැල්ටිමෝරයට එයි

ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම කඩා වැටීමෙන් පසු සිදු කෙරෙන පිරිසිදු කිරීමේ දැවැන්ත වැඩසටහනේ කොටසක් ලෙස විශාලතම දොඹකරය බැල්ටිමෝර් වෙත පැමිණ තිබෙනවා.

කාර්ය බහුලම වරායක් වන බැල්ටිමෝර්හි සියලු නැව්ගත කිරීම් අත්හිටුවා ඇති අතර සුන්බුන් අතර කිමිදීමේ අවදානම හේතුවෙන් අතුරුදන්ව සිටින කම්කරුවන් සිව් දෙනාගේ සිරුරු සෙවීමේ කටයුතු ද නතර කර ඇති බවයි වාර්තා වන්නේ.

සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු එක්සත් ජනපද හමුදා ඉංජිනේරු බලකාය විසින් සිදු කරන අතර, ඔවුන් සමඟ ඉංජිනේරු විශේෂඥයින් 1,100කට වැඩි පිරිසක් එක්වනු ඇති.

විශේෂඥයන් ඇස්තමේන්තු කර ඇත්තේ බැල්ටිමෝර් වරාය නැවත විවෘත කිරීමට මාසයක් ගත වන අතර පාලම නැවත ගොඩනැගීමට වසර ගණනාවක් ගතවනු ඇති බවයි.

සිද්ධිය පිළිබඳ විමර්ශනය සඳහා වසර දෙකක් ගත විය හැකි බවටයි අනුමාන කෙරෙන්නේ.

ෆෙඩරල් රජයේ හදිසි අරමුදල්වලින් ඩොලර් මිලියන 60ක් පාලමේ ප්‍රතිසංස්කරණ සඳහා යෙදවීමට සැලසුම් කර තිබෙනවා.

පාලම කඩා වැටීමේ රක්ෂණ වන්දිය ඩොලර් බිලියන 3 ඉක්මවිය හැකි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ජනාධිපති ජෝ බයිඩන් පැවසුවේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට තමා ලබන සතියේ බැල්ටිමෝර් වෙත යන බවයි.

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »