හෝටලයක දී මත්ද්‍රව්‍ය ගත් ඔස්ට්‍රේලියානු කාන්තාවන් 7න් අයෙක් මරුට

ගෝල්ඩ් කෝස්ට්හි හෝටලයකදී මත්ද්‍රව්‍ය පානය කිරීම හමුවේ හෘදයාබාධයකට ලක්වීමෙන් 40 හැවිරිදි කාන්තාවක් මිය ගොස් තිබෙනවා.

හදිසි සේවා නිලධාරින් ඊයේ රාත්‍රී 11.30 ට සර්ෆර්ස් පැරඩයිස්හි හෝටලයකට පැමිණ ඇත්තේ කාන්තාවන් 7 දෙනෙකු හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙළෙන බවට ලැබුණු ඇමතුමකට අනුවයි.

වෛද්‍යවරුන් ඔවුන්ට මූලික ප්‍රතිකාර ලබා දී ජීවිත බේරා ගැනීමට උත්සාහ කළ ද එක් අයෙක් එම ස්ථානයේදීම මිය ගිය බවයි වාර්තා වන්නේ.

තවත් කාන්තාවන් දෙදෙනකු අසාධ්‍ය තත්ත්වයෙන් ගෝල්ඩ් කෝස්ට් රෝහල වෙත රැගෙන යාමෙන් අනතුරුව එක් අයකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර අනෙක් කාන්තාව සාමාන්‍ය තත්ත්වයෙන් පසුවන බව සඳහන්.

එම හෝටලයේ සිටි අනෙක් කාන්තාවන් හතර දෙනාට වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය නොවූ බවයි වෛද්‍යවරුන් කියාසිටියේ.

මෙම කාන්තාවන්ගේ රෝගී තත්වයන්ට හේතු වූ මත්ද්‍රව්‍ය මොනවාද යන්න මෙතෙක් නිශ්චිතව හෙළිවී නැහැ.

ක්වීන්ස්ලන්ත ගිලන්රථ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් අධීක්ෂක මිචෙල් වෙයාර් පැවසුවේ ශරීරගත වූ ඖෂධ වර්ගය තීරණය කිරීම සඳහා විෂ විද්‍යාත්මක වාර්තාවක් ලබා දෙන බවයි.

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට ශ්‍රී ලාංකික තරුණියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

Read More »