නිවෙස් අත්හැර ගිය වැඩිහිටි ළමයින් යළි මව්පියන් සොයා එයි

ඔස්ට්‍රේලියාවේ සෑම වැඩිහිටි ළමුන් 10 දෙනෙක් අතුරින් එක් අයෙක් දෙමාපියන් සමග නැවත පදිංචිය සදහා යොමුව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

පුද්ගලයන් 1073ක් අදාළ කරගනිමින් සිදු කළ පරීක්ෂණයකින් හෙළිවී ඇත්තේ පසුගිය මාස 12ක කාලය තුල සියයට 10කට වැඩි පිරිසක් නැවත දෙමාපිය නිවෙස් වෙත යොමුව ඇති බවයි.

එලෙස ආපසු පැමිණෙන ළමුන් අතුරින් සියයට 30ක් යළි පැමිණ ඇත්තේ දැරිය නොහැකි නිවාස කුලී හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

තවත් සියයට 30ක පිරිසක් නව නිවාස තැම්පතු සඳහා මුදල් ඉතිරි කර ගැනීමේ අපේක්ෂාවෙන් දෙමාපිය නිවෙස් වෙත පැමිණ ඇති බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

අධික ජීවන වියදම හමුවේ තම වියදම් නිසි පරිදි කළමණාකරණය කරගනිමින් ස්වාධීනව ජීවත් වීමට නොහැකි වීම ද ළමුන් දෙමාපියන් වෙත පැමිණීමේ ප්‍රමුඛතා අතර පවතින බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.

රැකියාව අහිමි වීම, රැකවරණය අහිමි වීම් ඇතුලු හේතූන් මුල් කරගනිමින් ද තරැණ ප්‍රජාව දෙමාපියන් වෙත පැමිණීමේ සම්භාවිතාව ඉහල ගොස් තිබීම විශේෂත්වයක්.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »