දරුවන් 4 දෙනෙක් සමග අවදානම් ගමනක් ගිය පියාට වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී ළමයින් හතර දෙනෙකු සමඟ බීමතින් රිය පැදවූ බව කියන පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගේ රියදුරු බලපත්‍රය ද තහනම් කළ එකක් බවටයි හෙළිවී ඇත්තේ.

40 හැවිරිදි මෙම පුද්ගලයා අධික ලෙස බීමත්ව ප්‍රමාණය ඉක්මවා මෝටර් රථයේ පිරිසක් රැගෙන නියමිත වේග සීමාව ඉක්මවා ධාවනය කර තිබෙනවා.

ආබාධිත රියදුරන්, අධික වේගය, අවධානය වෙනතකට යොමු කිරීම, තෙහෙට්ටුව, බීමත්කම සහ ආසන පටි නොපැළඳීම යන වැරදි සම්බන්ධයෙන් මෙම දීර්ඝ සති අන්තයේ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක වනවා.

එම මෙහෙයුමට අදාළවයි සැකකරු අත්අඩංගුවට පත්වී ඇත්තේ.

අත්හිටුවා ඇති රියදුරු බලපත්‍රයක් හිමි මෙම පුද්ගලයා පැයට කිලෝමීටර 110ක වේගයකින් ධාවනය කළ යුතු කලාපයේ පැයට කිලෝමීටර් 171ක වේගයක් ධාවනය කරමින් සිට තිබෙනවා.

එම අවස්ථාවේ එහි කුඩා බිලිඳෙක් ඇතුලු පස් දෙනෙකු ගමන් කරමින් සිටි බව සඳහන්.

මෙම විශේෂ පොලිස් මෙහෙයුමේදී මේ දක්වා වේගයෙන් රිය පැදවූ රියදුරන් ගණනාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර මරණ දෙකක් ද වාර්තා වී තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ගවල වසරේ මේ දක්වා ජීවිත 71ක් අහිමි වී ඇති බවයි වික්ටෝරියා පොලිසිය ප්‍රකාශ කළේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »