ඔස්ට්‍රේලියාවේ සිරුරු කොටස් පරිත්‍යාග කරන අය වැඩි වෙයි

ඔස්ට්‍රේලියාවේ අවයව පරිත්‍යාග අනුපාතය සුළු වශයෙන් වැඩි දියුණු වී ඇතැයි සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

කෙසේවෙතත් එම සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බවයි බද්ධ කිරීම් සඳහා අවයව අපේක්ෂාවෙන් පසුවන රෝගීන් පවසන්නේ.

ඉන්ද්‍රිය හා පටක අධිකාරිය නිකුත් කර ඇති 2023 වසරේදී ඕස්ට්‍රේලියාවේ අවයව පරිත්‍යාග අනුපාතය සඳහා වූ දත්තවල දැක්වෙන්නේ අවයව බද්ධ කිරීම් සංඛ්‍යාව වැඩි වී ඇති අතර පරිත්‍යාගශීලීන්ගේ ලියාපදිංචිය සුළු වශයෙන් පහත වැටී ඇති බවයි.

අවයව හා පටක අධිකාරියේ දත්ත අනුව 2023 වසරේදී බද්ධ කිරීමක් සඳහා බලාපොරොත්තුවෙන් සිටින ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව 1,800ක් පමණ වනවා.

ඉන්ද්‍රිය පරිත්‍යාගශීලියෙකු වීමට අවශ්‍ය නිර්ණායක සපුරාලන්නේ රෝහලක මියයන පුද්ගලයන්ගෙන් සියයට 2ක පමණ ප්‍රමාණයක් පමණක් බව සඳහන්.

එම අවයව ලබා ගැනීම ද සිදුවන්නේ මියගිය පරිත්‍යාගශීලියාගේ ඉන්ද්‍රිය පොරොත්තු ලේඛනයේ සිටින අයෙකු සමඟ ගැළපෙන්නේ නම් පමණයි.

2022 වසරට සාපේක්ෂව ඉන්ද්‍රිය පරිත්‍යාගශීලීන්ගේ සංඛ්‍යාව සියයට 13 කින් ඉහළ යාම ඇතුළුව ඇතැම් ක්ෂේත්‍රවල අනුපාත වැඩිදියුණු වී ඇතැයි වාර්තාවල දැක්වෙනවා.

කෙසේවෙතත් ලියාපදිංචිය සහ කැමැත්ත ලබාදීමේ අනුපාත හේතුවෙන් කනස්සල්ලක් මතුවී තිබෙනවා.

ලියාපදිංචිය යනු ඉන්ද්‍රිය පරිත්‍යාගශීලීන්ගේ ලේඛනයේ සිටින පුද්ගලයින් මිය ගියහොත් තම අවයව පරිත්‍යාග කිරීමට එකඟ වන සංඛ්‍යාවයි.

එහෙත් එම පරිත්‍යාගය සිදුවිය හැක්කේ මියගිය පුද්ගලයෙකුගේ පවුලේ අය ඊට එකඟ වුවහොත් පමණක් වන අතර කැමැත්ත අනුපාතය ලෙසට එය සැලකෙනවා.

ඉන්ද්‍රිය පරිත්‍යාග සහ බද්ධ කිරීම පිළිබඳ ජාත්‍යන්තර ලේඛනය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2022 වසරේ දත්ත අනුව ලොව පුරා මියගිය අවයව පරිත්‍යාගශීලීන්ගේ අනුපාතවලින් ඔස්ට්‍රේලියාව 21 වන ස්ථානයට පත්ව තිබුණා.

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »

TikTok වීඩියෝවක් නිසා මෙල්බන් කාන්තාවක් ලොව ජනප්‍රිය වෙයි

මෙල්බන්හි වෙස්ට් ගේට් පාලම මත මෝටර් රථයක ඉදිරිපස අසුනේ රූගත කරන ලද ටික්ටොක් විඩියෝවක් හේතුවෙන් මෙල්බන් කාන්තාවක් ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම් කිහිපයක්

අද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන වර්ෂාවක් සමඟ කාලගුණ අනතුරු ඇඟවීම් කිහිපයක් නිකුත් කර තිබෙනවා.

Read More »