Search

හිටපු ජනපති රැගත් රථය බීමත් රියදුරෙක් නිසා අනතුරක

දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජේකබ් සූමා රැගත් නිල රථය අනතුරකට ලක්ව තිබෙනවා.

බීමත් රියදුරෙකු ඔහුගේ නිල සන්නද්ධ රථයේ ගැටී ඇති බවයි දකුණු අප්‍රිකාවේ පොලිසිය සඳහන් කළේ.

නමුත් හිටපු ජනාධිපතිවරයාගේ පක්ෂයේ සාමාජිකයෙක් චෝදනා කළේ මෙම අනතුර ඔහු ඉලක්ක කර හිතා මතා සිදු කර ඇති බවයි.

මැතිවරණ දිනයට පෙර ජනාධිපතිවරයා රෝහලේ වැතිර සිටිනු ඇති බවට විපක්ෂ කණ්ඩායම් විසින් අනතුරු අඟවා තිබූ අතර ජනාධිපතිවරයා ආරක්‍ෂා කර ගැනීමට කටයුතු කළ ආරක්‍ෂක ඒකකයේ සාමාජිකයින්ට ස්තූතිවන්ත වන බව ඔහු ප්‍රකාශ කළා.

මැයි මාසයේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට පෙර ප්‍රචාරක කටයුතුවල නියැලෙමින් සිටින අතර ජේකබ් සූමා මෙම අනතුරට ලක්ව තිබෙනවා.

ජනාධිපති ආරක්‍ෂක සේවා සාමාජිකයින් ඇතුළු කිසිවෙකුට අනතුරින් තුවාල සිදුවී නොමැති අතර හිටපු ජනාධිපතිවරයා රථයෙන් ඉවත් කර ඔහුගේ නිවසට කැඳවාගෙන ගිය බව පොලිසිය නිවේදනය කළා.

51 හැවිරිදි පුද්ගලයෙක් බීමත්ව අපරික්ෂාකාරී හා නොසැලකිලිමත් ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

81 හැවිරිදි ජේකබ් සූමා 2009 වසරේ සිට 2018 දක්වා ජනාධිපති ලෙස කටයුතු කළ අතර දූෂණ චෝදනා හේතුවෙන් ඔහුට ධුරයෙන් ඉවත් වීමට සිදු වුණා.

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »

ප්‍රාන්ත තුනකට ඉදිරි දින කිහිපය කාළගුණයෙන් දැඩි බලපෑම්

නිව්සවුත්වේල්ස් , ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රදේශ වලට ඉදිරි දින 3 තුළ දැඩි උෂ්ණත්වයක් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය අනතුරු ඇගවීමක් කර තිබෙනවා.

Read More »