Search

සුරතල් සතුන් පිරිසකට යන එන මං නැතිවෙයි

ඔස්ට්‍රේලියාවේ විශාල පිරිසක් මුහුණ දී සිටින කුලී නිවාස අර්බුධය හමුවේ ඔවුන්ගේ සුරතල් සතුන්ට ද ගැටලු රැසකට මුහුණදීමට සිදුවී ඇතැයි වාර්තා වනවා.

සුනඛයන්, බළලුන් සහ අනෙකුත් සතුන් රැසකට තම හාම්පුතුන් අතහැර දමා සත්ව ගලවා ගැනීමේ සංවිධාන වෙත යාමට සිදු වී ඇති බවයි හෙළිවී ඇත්තේ.

කුලී නිවාස අර්බුදය හේතුවෙන් සත්ව හිමිකරුවන්ට කුඩා නිදන කාමර දෙකක හෝ එවැනි මහල් නිවාස ඒකකයකට යාමට සිදු වූ විට ඔවුන්ට සුරතල් සතුන් අතහැර දැමීමට සිදු වී තිබෙනවා.

සුරතල් සතුන්ගේ හිමිකරුවන් පෙන්වා දෙන්නේ මෙම තීරණ එය ඉතා දුෂ්කර මෙන්ම සෑම දිනකම හද කම්පා කරවන සුළු සිදුවීම් බවයි.

මේ හේතුවෙන් පසුගිය වසර කිහිපය පුරා සතුන් රැකබලා ගන්නා කණ්ඩායම් වෙත ලැබෙන ඇමතුම් ප්‍රමාණය ද ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය වර්ෂයේදී කුලී නිවැසියන්ගෙන් ලැබෙන ඇමතුම්වල සියයට 66 ක වැඩි වීමක් සිදු වී ඇති අතර ඔවුන්ට නව නිවාස වෙත සතුන් රැගෙන යාමට නොහැකි වීම ඊට හේතුවයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පමණක් සතුන් රැක බලා ගැනීමේ පොරොත්තු ලේඛනයේ සතුන් 700 කට අධික සංඛ්‍යාවක් සිටින බව සඳහන්.

නිව් සවුත් වේල්ස් හි කුලී නිවැසියන්ගේ සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී ලියෝ පැටර්සන් පැවසුවේ කුලී අර්බුදය සුරතල් සතුන්ගේ හිමිකරුවන්ට දැඩි බලපෑමක් බවයි.

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට හැටකට පමණ සුරතල් සතුන් සිටින අතර එම අයිතිය නිවාස හිමිකරුවන්ට මෙන්ම කුලී නිවැසියන්ට ද ලබා දිය යුතු දෙයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඔස්ට්‍රේලියානුවන්ගේ ජනප්‍රිය සංචාරක ගමනාන්ත කිහිපයක ගාස්තු වැඩි වෙයි

ඔස්ට්‍රේලියානුවන්ගේ ජනප්‍රිය සංචාරක ගමනාන්ත කිහිපයකදී වැය කිරීමට සිදුවන මුදල්වල විශාල වෙනස්කම් රැසක් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

තරුණ වෙන්න කැමති ඔස්ට්‍රේලියානුවන්ට අලුත් සොයා ගැනීමක්

වයස්ගත වීම වැළැක්වීම සහ තරුණ බව දීර්ඝ කාලයක් රැක ගැනීම සංචාර මගින් සිදු කළ හැකි බව ඔස්ට්‍රේලියාවේ නව අධ්‍යයනයකින් සොයාගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය සීමාවට බාධකයක්?

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිතයට හඳුන්වා දීමට යෝජිත වයස් සීමාවන් මගින් පමණක් තරුණ පරම්පරාවේ මානසික සෞඛ්‍ය ගැටළු විසඳීමට නොහැකි බව විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

Today’s Top Stories.2024.09.14

ඔස්ට්‍රේලියාවේ වාහන තදබදය අධිකම නගර අතරින් මෙල්බන් අංක 1 ට දරුවන් දෙදෙනෙකුට ජිවිත අහිමි කළ සිඩ්නි මවට සිදු වූ දේ පර්ත් නගර වාසීන්ට ලබන සතිය

Read More »