අප්‍රේල් පළමුවනදායින් පසු අමතර ඩොලර් 159ක් ගෙවන්න වෙයි

පුද්ගලික සෞඛ්‍ය රක්‍ෂණ වාරික අප්‍රේල් 1 වැනිදා සියයට 3කට වඩා වැඩි අගයකින් ඉහළ යාමට නියමිතව තිබෙනවා.

එය වසර පහකට පසු සිදු කෙරෙන විශාලතම වාරික මිල වැඩි කිරීම ලෙසටයි සැලකෙන්නේ.

මෙම සෞඛ්‍ය රක්‍ෂණ වාරික මිල වැඩි කිරීමත් සමග ඔස්ට්‍රේලියානුවන් මිලියන ගණනකට අමතර ඩොලර් 159ක් පමණ වැය වනු ඇතැයි අපේක්ෂිතයි.

සෞඛ්‍ය රක්‍ෂණ ක්ෂේත්‍රයේ සියයට 3.03ක සාමාන්‍ය වාරික වැඩිවීමක් ෆෙඩරල් රජය ද අනුමත කර තිබෙනවා.

කෙසේ වෙතත් ඇතැම් ප්‍රධාන රක්‍ෂණ සමාගම් විසින් සියයට 4.1කින් වාරික අගයන් වැඩි වන බවට තහවුරු කර ඇතැයි සඳහන්.

NIB පාරිභෝගිකයින් සඳහා වාරික අගය සියයට 4.1 කින් ද, BUPA සියයට 3.61 කින් ද, HBF සියයට 3.95 කින් සහ Medibank Private සියයට 3.31 කින් ද වැඩි වනු ඇති.

සාමාන්‍යයෙන් සියයට 4ක වාරික ඉහළ යාමක් සමඟ, ඔස්ට්‍රේලියානුවන්ට වසරකට ඩොලර් 159ක් දක්වා වැඩිපුර ගෙවිය යුතු වනවා.

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »