
ඔස්ට්‍රේලියාවේ චොකලට් මිල රටේ උද්ධමන අනුපාතය මෙන් දෙගුණයකටත් වඩා ඉහළ අගයක් ගන්නා බව නව වාර්තා මගින් තහවුරු වී තිබෙනවා
ලොව පුරා පවතින කොකෝවා හිඟය සහ අප්‍රිකාවට බලපා ඇති නියඟයත් සමඟ පාස්කු සමයේ චොකලට් මිල අඛණ්ඩව ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පාස්කු උත්සවයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් අතර චොකලට් සඳහා වන ඉල්ලුම ඉහළ යන අතර ලොව පුරා කොකෝවා හිඟය ද චොක්ලට් මිල ඉහළ යෑම කෙරෙහි සෘජුව බලපා ඇති බව සඳහන්.

ගෝලීය කෘෂි ව්‍යාපාර වාර්තා පෙන්වා දී ඇත්තේ පසුගිය වසර තුළ ඔස්ට්‍රේලියානු චොකලට් මිල සියයට 8.8 කින් ඉහළ ගොස් ඇති අතර එය සියයට 200ක වැඩිවීමක් බවයි.
ගෝලීය වෙළඳපලට කොකෝවා අවශ්‍යතාවයෙන් තුනෙන් දෙකක් සපයනු ලබන්නේ අප්‍රිකාවෙන් වන අතර මේ වන විට පවතින නියඟයත් සමඟ සැපයුම පහත වැටී තිබෙනවා.

පසුගිය වසර 10ක කාලය තුළ කොකොවා ටොන් එකක මිල ඇමරිකානු ඩොලර් 2500ක් වන අතර වර්තමන් අගය ඩොලර් 9000ක් වනවා.
වෙළඳපොල තුළ චොකලට් මිල ඉහළ ගිය ද ඔස්ට්‍රේලියානුවන් අතර චොකලට් ඉල්ලුම එලෙසම පවතින බව සඳහන්.