ඔස්ට්‍රේලියාවේ ජල මාර්ගවල පවතින ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු පිළිබඳ නව පර්යේෂණයක් සිදු කර තිබෙනවා.
ප්ලාස්ටික් නිෂ්පාදනවලින් වෙන්වූ ඉතා කුඩා ක්ෂුද්‍ර අංශූ මයික්‍රෝ ප්ලාස්ටික් ලෙස හඳුන්වන අතර සාගරවල, පසෙහි සහ වාතයේ පවා ඒවා පවතින බවයි හඳුනා ගෙන ඇත්තේ.
ක්වීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් ඇස්තමේන්තු කර ඇත්තේ බ්‍රිස්බේන් හි මොරෙටන් බොක්කෙහි ඉතා වැදගත් පරිසර පද්ධති දූෂණය කරන ක්ෂුද්‍ර ප්ලාස්ටික් ටොන් 7000ක් පමණ තිබිය හැකි බවයි.
මේ අතර මොනෑශ් විශ්ව විද්‍යාලය විසින් සිඩ්නි වරාය ආශ්‍රීතව මයික්‍රෝ ප්ලාස්ටික් පිළිබඳව අධ්‍යනය කර තිබුණා.
මෙම පර්යේෂණවල වාර්තා නිකුත් කර ඇති අතර සාම්පල පරීක්ෂණයේ දී හෙළිව ඇත්තේ ලබා ගත් සාම්පල සියල්ලෙහිම මයික්‍රෝ ප්ලාස්ටික් පැවති බවයි.
ආහාර එතීම සඳහා භාවිත කරන ප්ලාස්ටික් ආවරණ, ප්ලාස්ටික් බෑග් සහ බෝතල් වැනි තනි භාවිත අයිතම හේතුවෙන් මයික්‍රෝ ප්ලාස්ටික් වැඩි වශයෙන් පරිසරයට එකතුවන බව පර්යේෂණවලින් තහවුරු වී තිබෙනවා.