මාසික වැටුප නිසා නයිජිරියාව අසලට ගිය ශ්‍රී ලංකාව

ලොව ඉහළම සහ අඩුම ආදායමක් ලබන රටවල් පිළිබඳ නවතම ශ්‍රේණිගත කිරීමක් සිදුකර තිබෙනවා.

පුද්ගලයෙකු තමන් ජීවත් වන රටෙහි උපයන ආදායම සහ විදේශගත රටක එම සේවාවටම ලබා ගත හැකි වැටුප පිළිබඳ තක්සේරුවක් ද මෙහි ද ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව ලොව ඉහළම වැටුපකට හිමිකම් කියන පුද්ගලයින් සිටින රට බවට ස්විට්සර්ලන්තය පත්ව ඇති අතර එක් පුද්ගලයෙකුගේ මාසික ආදායමෙහි සාමාන්‍ය අගය සටහන්ව ඇත්තේ ඩොලර් 6632ක් ලෙසයි.

එරට පුරවැසියන් සඳහා වු ඉහළ වැටුප සහ මූල්‍ය ශක්තිමත්භාවය යන සාධක සියල්ල සැලකීමේ දී ස්විට්සර්ලන්තය ලොව අංක එකට පත්ව තිබෙනවා.

එම ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානය ලක්සම්බර්ග් රාජ්‍ය විසින් හිමිකර ගෙන ඇති අතර එරට පුද්ගලයෙකුගේ සාමාන්‍ය මාසික වැටුප ඩොලර් 5302ක්.

සිංගප්පූරුව ලොව ඉහළ වැටුප් ලබන පුද්ගලයින් සිටින රටවල් අතර තෙවන ස්ථානයට පත්ව ඇති අතර එහි වැටුප සටහන්ව ඇත්තේ ඩොලර් 4764ක් ලෙසයි.

මෙම ශ්‍රේණිගත කිරීමේ ඔස්ට්‍රේලියාවට හිමි වන්නේ 8 වැනි ස්ථානයි.

කටාර් සහ ඩෙන්මාර්කය වැනි රටවලට පිටුපසින් සිටින ඔස්ට්‍රේලියානුවන් සාමාන්‍යයෙන් මාසයකට ඩොලර් 3504ක් උපයන බව සඳහන් .

ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීමේ 92වන ස්ථානය හිමිකර ගෙන ඇති අතර දිළිඳුකම හා විරැකියාව මත අවම වැටුප් ලබන රටක් ලෙසයි නම් කර ඇත්තේ.

ඒ අනුව ශ්‍රී ලාංකිකයින්ගේ වැටුපෙහි සාමාන්‍ය අගය ඩොලර් 191ක් ලෙස සඳහන්.

නයිජීරියාව ගෝලීය වැටුප් ලැයිස්තුවේ 96 වැනි ස්ථානයට පත්ව ඇති අතර නයිජීරියානුවන් මසකට උපයන වැටුපෙහි සමාන්‍ය ඩොලර් 64ක් වනවා.

ඔස්ට්‍රේලියාව පැරදූ ඇෆ්ගනිස්ථානයට වාර්තාගත ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාලියේදී ඔස්ට්‍රේලියාවකණ්ඩායම පරදවා ඉතිහාසගත වන ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද සමත්වුණා. ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව තරගයක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ද මෙය ලෙසටයි වාර්තා අතරට එක්වන්නේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 148ක් රැස් කළා. Rahmanullah Gurbaz පන්දු 49කින් වේගවත් ලකුණු 60ක් ලබා ගත්තේ 4 පහර 4ක් සහ 6 පහර 4ක් ද සමගින්. Ibrahim

Read More »

T20 ලෝක කුසලානයේදී Pat Cummins ගෙන් යළිත් වාර්තාවක්

2024 පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා ක්‍රීඩක පැට් කමින්ස් අද සමත්වුණා.

Read More »

ඔස්ට්‍රේලියානු තරුණයන්ගේ ක්‍රියාවක් නිසා අනාගතය ගැන අවදානමක්

දකුණු ඔස්ට්‍රේලියානු තරුණයින් අතර සාමාන්‍ය දුම් පානය අභිබවා ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතය ඉහළ ගොස් ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඇෆ්ගනිස්ථානයෙන් ඔස්ට්‍රේලියාවට ලකුණු 149ක ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ super 8 වටයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 149ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »

NSW පොලිසියට එරෙහිව ජනතාව තීරණයක් ගනී

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පොලිසියට එරෙහිව සාමාන්‍ය ජනතාව විසින් පැමිණිලි 26,000කට වැඩි ප්‍රමාණයක් ගොනු කර ඇති බවට නව දත්ත මගින් හෙළිවී තිබෙනවා.

Read More »