මෙවර පාස්කු උත්සවය සැමරීම සඳහා ඔස්ට්‍රේලියානුවන් ඩොලර් බිලියන 4.4ක් වැය කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යනයකදී හෙළිව තිබෙනවා.
ෆයින්ඩර් විසින් පුද්ගලයින් 1061ක් යොදාගනිමින් සිදුකළ සමීක්ෂණයකින් අනාවරණ වී ඇත්තේ ඔස්ට්‍රේලියානුවන්ගෙන් තුනෙක් දෙකක් පාස්කු සැමරීමට සූදානමින් පසුවන බවයි.
එනම් මිලියන 12.7ක ජනතාවක් පාස්කු සැමරීමට සැළසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
පාස්කු දින උත්සවවලට සමගාමීව සාමාන්‍ය පුද්ගලයෙක් චොක්ලට්, ආහාර සහ ගමන් බිමන් සඳහා ඩොලර් 1185ක් වියදම් කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.
එසේම සෑම ඔස්ට්‍රේලියානුවන් 6 දෙනෙකුගෙන් එක් අයෙක් පාස්කු දින සංචාරය කිරීම සඳහා සුදානම් වන අතර ඒ සඳහා අවම අවශයෙන් ඩොලර් 600ක් වැය කිරීමට සුදානම් බව වාර්තා වනවා.
තවද ඔස්ට්‍රේලියානුවන්ගෙන් හතරෙන් එකක් පාස්කු දින නිවසේ උත්සව සංවිධානය කර ඇති අතර විසිතුරු සැරසිලි සහ උත්සව සඳහා ඩොලර් මිලියන 616ක් වැය කරනු ඇති බවට හෙළිවී තිබෙනවා.
ඔස්ට්‍රේලියානුවන්ගෙන් අඩකට වඩා පාස්කු චොක්ලට් සඳහා ඩොලර් මිලියන 644ක් වැය කරන බව සඳහන්.
ෆයින්ඩර් හි මුදල් විශේෂඥ ඇන්ගස් කිඩ්මන් පැවසුවේ පාරිභෝගිකයින් මෙවර පාස්කු උත්සවය සඳහා වැඩි මුදලක් වැය කිරීමට අපේක්ෂිත බවයි.