ලංකාවට යන්න හැදූ ඩාලි පාලමක් කඩාගෙන නතර වෙයි

ඇමරිකා එක්සත් ජනපදයේ බැල්ටිමෝර් හි ලෝක ප්‍රසිද්ධ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ නෞකාවක් ගැටීමෙන් එම පාලම කඩා වැටී තිබෙනවා.

එරට වේලාවෙන් අලුයම 1.30ට පමණ සිදුවු මෙම අනතුරින් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති අතර පුද්ගලයින් 7 දෙනෙකු ඇතුලු වාහන කිහිපයක් ජලයට වැටී ඇති බවයි වාර්තා වන්නේ.

ඇමරිකාවේ බැල්ටිමෝර් ප්‍රදේශයේ පිහිටි මෙම පාලම සැතපුම් 1.6ක් එනම් කිලෝමීටර් දෙක හමාරක දිගින් යුක්තයි.

බැල්ටිමෝර් නගරාධිපති මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ආපදා අංශ එම ස්ථානයේ රැඳෙමින් මුදා ගැනීමේ කටයුතු සහ සෝදිසි කිරීම් සිදු කරන බවයි.

සිංගප්පුරුවට අයත් ඩාලි නම් වූ මෙම නෞකාව ශ්‍රී ලංකාව බලා පිටත් වෙමින් සිටියදී මෙලෙස අනතුරට පත්ව ඇති බව සඳහන්.

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »