ඔස්ට්‍රේලියාවේ අනවසර සංක්‍රමණිකයන්ට නීති දැඩි වන පනතක් හදිසියේම පාර්ලිමේන්තුවට

සංක්‍රමණ රැඳවියන් සඳහා නව දැඩි නීති ගෙන ඒමට ලේබර් පක්ෂය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමේ කටයුතු සමග සහයෝගයෙන් කටයුතු කිරීම ප්‍රතික්ෂේප කරන සංක්‍රමණික රැඳවියන්ට සිර දඬුවම් විඳීමට සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.

අද පස්වරුවේ ලේබර් පක්ෂය පාර්ලිමේන්තුවට හදිසියේ ඉදිරිපත් කර ඇති මෙම නීති අනුව ආගමන විගමන නිලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ප්‍රතික්ෂේප කරන පුද්ගලයින් සඳහා අවම වශයෙන් වසරක සිර දඬුවමක් සහ උපරිම වසර පහක සිර දඬුවමක් පැනවිය හැකි වනවා.

තම පුරවැසියාගේ නැවත පැමිණීම පිළිගැනීම ප්‍රතික්ෂේප කරන රටවල සංක්‍රමණිකයන්ට ද ෆෙඩරල් රජයට වීසා අයදුම්පතක් ඉදිරිපත් කිරීම තහනම් කිරීමට නව බලතල ද මෙමගින් ලබා දෙනු ඇති.

ස්වාධීන මන්ත්‍රී සාලි ස්ටෙගල් පැවසුවේ මෙම තීරණය ඇදහිය නොහැකි තරම් ප්‍රජාතන්ත්‍ර විරෝධී බවයි.

ආගමන අමාත්‍ය ඇන්ඩෲ ගයිල්ස් පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට යුහුසුළු වන අතර නව නීති අනුව මේ වන විට මතබේධයකට ලක්ව සිටින ඉරාන සරණාගතයින් නිදහස් කරන්නේද නැද්ද යන්න තීරණය කරනු ඇති බව සඳහන්.

ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතිය ශක්තිමත් කිරීමටත්, සාධාරණ කිරීමටත්, ඕස්ට්‍රේලියාවේ ජාතික අවශ්‍යතා වෙනුවෙන් එය ක්‍රියා කරන බව සහතික කිරීමටත් ඇල්බේනියානු රජය කැපවී සිටින බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

මෙම ගැටලූව විවාදයට ගැනීම සඳහා අද රාත්‍රියේ සෙනෙට් සභාවේ රැස්වීමක් පවත්වන ලෙස ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා තිබෙනවා.

ඩුබායි යන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානයට බලපෑම් එල්ල කර ඇති දැවැන්ත සුළි කුණාටු හේතුවෙන් ඩුබායි ගුවන් තොටුපළ කටයුතුවලට දැඩි බාධා මතුවී තිබෙනවා.

Read More »

ඇමරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ වෙනසක්

පසුගිය කාර්තුව පුරාවට එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩ අතිප්‍රමාණය වීමක් පෙන්නුම් කළ ද එම ප්‍රවණතාවය යම්තාක් දුරකට වෙනස් වී තිබෙනවා.

Read More »

මෙල්බන් කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකිකයෙක් පළමු තැනට

කාය වර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්වී තිබෙනවා.

Read More »

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »