ඔස්ට්‍රේලියානුවන් Passport සහ License ගන්න ක්‍රමයක් ගැන විශේෂ අවධානයක්

නීත්‍යානුකූල නොවන ක්‍රමවේද ඔස්සේ රියදුරු බලපත්‍ර මෙන්ම විදේශ ගමන් බලපත්‍ර අයදුම්කරන ඔස්ට්‍රේලියානුවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

BDO ගණකාධිකාරී ආයතනය විසින් ව්‍යාජ වෙබ් අඩවි සම්බන්ධයෙන් සිදු කළ අධ්‍යයනක දීයි මේ බව හෙළිවී ඇත්තේ.

මෙලෙස ව්‍යාජ වෙබ් අඩවි මඟින් විදේශ ගමන් බලපත්‍රයක් මිලදී ගැනීම සඳහා වන සාමාන්‍ය පිරිවැය ඩොලර් 2372ක් වන අතර රියදුරු බලපත්‍රයක් සඳහා පිරිවැය ඩොලර් 844ක් බව සඳහන්.

BDO වාර්තා අනුව පුද්ගලකුගේ විද්‍යුත් තැපෑල හැක් කිරීමට, එනම් අනවසරයෙන් ප්‍රවේශ වීම සඳහා සාමාන්‍ය පිරිවැය ඩොලර් 262ක් වන අතර මීට පෙර එම අගය සටහන්ව ඇත්තේ ඩොලර් 668ක් ලෙසයි.

BDO ආයතනය ව්‍යාජ වෙබ් අඩවි ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරන අතර වංචා, සොරකම් සහ දත්ත වෙත ප්‍රවේශවීම්වලින් පීඩාවට පත් වූ සේවාදායකයින්ට උපකාර වන ආයතනයක් ලෙස සේවය කරනු ලබනවා.

වංචනික ක්‍රියා සඳහා කොතෙක් සයිබර් ආරක්ෂණ ක්‍රමවේදයන් පැවතිය ද ඒ ඔස්සේ රහසිගත සේවා ලබා ගන්නා ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව වාර්ෂිකව ඉහළ යන බවයි වාර්තා වන්නේ.

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමට හෝ ව්‍යාජ මඟින් වෙබ් අඩවි මගින් නීති විරෝධී ක්‍රියාකාරකම් කිරීමට උත්සාහ කරන ඕනෑම අයෙකුට අවදානමක් පවතින අතර ඇතැම් අවස්ථාවලදී සිරගත කිරීම්වලට යටත්වීමට සිදුවන බව ද අවධාරණය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ඉල්ලීමක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ජීවිත 6ක් බිලිගත් සිඩ්නි ප්‍රහාරය ගැන තවත් තොරතුරු හෙළිවෙයි

සිඩ්නි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයකදී පුද්ගලයන් කිහිප දෙනෙකුට පිහියෙන් ඇනීමෙන් පසු පොලිස් වෙඩි පහරින් මිය ගිය 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයා හඳුනා ගැනීමට පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතිනවා.

Read More »

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »