Search

නිරෝධායනයට හෝටල්වලට ගිය අය කරපු වැඩක් වසර ගණනකට පසු හෙළිවෙයි

කොවිඩ් වසංගත කාලසීමාව තුළ නිරෝධායනය සඳහා හෝටල් භාවිත කළ පුද්ගලයින්ගෙන් මුදල් අයකිරීමේ කටයුතු තවමත් සිදුවන බව අනාවරණ වී තිබෙනවා.

නිරෝධායන මුදල් ඇතැම් පිරිස් සම්පුර්ණයෙන්ම ගෙවා අවසන් කර ඇති අතර අදාළ බිල්පත් ගෙවීමට අපොහොසත්වුවන්ගෙන් මුදල් අය කර ගැනීමට ප්‍රාන්ත ආණ්ඩු කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඒ අනුව නොගෙවූ බිල්පත්වල අගය ඩොලර් මිලියන 70 ඉක්මවා ඇති බව සඳහන්.

කොවිඩ් ආසාධිතයින් සඳහා අවම වශයෙන් සතියක කාලයක් නිරෝධානය විය යුතු බවට ෆෙඩරල් රජය විසින් නියෝග ලබා දීම හේතුවෙන් බොහෝ පිරිස් නිරෝධායනය සඳහා හෝටල් තෝරාගනු ලැබුවා.

2020 වසරේ මාර්තු මාසයේ සිට මෙම නිරෝධායන වැඩපිළිවෙළ ක්‍රියාත්මක වු අතර වසර 4ක් ඉක්මවුව ද ඇතැම් ප්‍රාන්ත එම මුදල් පියවා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට එම හිඟ මුදල් වෙනස් වන අතර ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ නිරෝධායන හිඟ මුදල ඩොලර් මිලියන 36ක්.

ක්වීන්ස්ලන්ත නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටින පුද්ගලයින් වෙනුවෙන් වියදම් කරන ලද මුළු මුදල ඩොලර් මිලියන 255ක් බව සඳහන්.

මේ අතර නිව් සවුත් වේල්ස්හි හිඟ මුදල ඩොලර් මිලියන 26.1ක්, ටස්මේනියාවේ ඩොලර් මිලියන 1.56ක්, වික්ටෝරියා ප්‍රාන්තයේ ලැබීමට ඇති හිඟ මුදල ඩොලර් මිලියන 9.1ක් බවයි වාර්තා වන්නේ.

ප්‍රාන්ත රාජ්‍යන් නිරෝධායනය වූ පුද්ගලයින්ගෙන් මුදල් ලබා ගැනීම සඳහා ප්‍රාන්ත මට්ටමින් නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද සඳහන් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතයේ දැවැන්ත පාඩුවක් ගැන පළමු වරට අනාවරණයක්

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට සාපේක්ෂව දෙගුණයකින් පමණ මිලෙන් අධික වන බව නවතම වාර්තාවකින් හෙළිදරව් වී තිබෙනවා.

Read More »

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »