ඔස්ට්‍රේලියාවෙන් ඉන්දුනීසියාවට ගෙන යමින් තිබූ ගවයන් ගැන දුක හිතෙන කතාවක්

ඔස්ට්‍රේලියාවේ සිට ඉන්දුනීසියාව බලා රැගෙන යමින් සිටි ගවයින් 100කට අධික ප්‍රමාණයක් නෞකාවකදී මිය ගොස් ඇතැයි අනාවරණ වී තිබෙනවා.

මෙය ඔස්ට්‍රේලියානු ගව ප්‍රවාහනයකදී මෙතෙක් වාර්තා වූ ඉහළම මරණ සංඛ්‍යාවන්ගෙන් එකක් ලෙසටයි සැලකෙන්නේ.

ඕස්ට්‍රේලියානු කෘෂිකර්ම, ධීවර හා වන විද්‍යා දෙපාර්තමේන්තුව ද මෙය තහවුරු කර ඇති අතර මරණවලට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ

පාද සහ මුඛ රෝග හෝ සමේ රෝග වැනි අසාදන හේතුවෙන් මෙම මරණ සිදු වූ බවට ද කිසිදු තොරතුරක් හෙළිවී නොමැති බවයි වාර්තා වන්නේ.

කෘෂිකර්ම, ධීවර හා වන විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ මරණ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවයි.

ඔස්ට්‍රේලියාවේ පවතින නීති රෙගුලාසි යටතේ අපනයනකරුවෙකු විසින් රැගෙන යන සතුන් අතර මරණ අනුපාතය සියයට 0.5ට වඩා වැඩි නම් පැය 12ක් ඇතුළත රජයට දැනුම් දිය යුතු වනවා.

ඒ අනුවයි ඉන්දුනීසියාවට අපනයනය කරන ගවයින් මිය යාමේ සිද්ධිය පිළිබඳ වාණිජ අපනයනකරුවෙකු විසින් දැනුම් දී ඇත්තේ.

මෙම ගවයන් ඩාවින් වෙතින් නැව්ගත කර ඇති අතර එහිදී රජයේ පශු වෛද්‍යවරයකු විසින් එම සතුන් අපනයනයට සුදුසු බවට ද ප්‍රකාශ කර තිබුණා.

පාද සහ මුඛ රෝග සහ වෙනත් රෝග හේතුවෙන් මෙම සතුන් මියගිය බවට අනාවරණය වුවහොත් ඔස්ට්‍රේලියාවෙන් සිදු කෙරෙන ඩොලර් බිලියන ගණනක මස් සහ කිරි අපනයනය දැඩි අවදානමකට ලක් වනු ඇති.

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

නොදැනුවත්කම නිසා දඬුවම් ලැබිය හැකි නීතියක් ගැන දැනුවත් කිරීමක්

ඔස්ට්‍රේලියානු නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා ද ස්වාධීන අයිතීන් ව්‍යවස්ථාපිතව ලබා දී තිබෙන බව නීතිඥ මදූ වර්ණකුලසූරිය පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ළදරුවන්ගේ ආහාර අසාත්මිකතාවට හේතු සොයා පරීක්ෂණ

ඔස්ට්‍රේලියාවේ ළදරුවන්ගෙන් සියයට 10කට පමණ බලපාන ආහාර අසාත්මිකතා ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »