Search

කිරි ගවයන්ටත් කුරුළු උණ වැළඳෙයි

ඇමරිකාවේ ටෙක්සාස් සහ කැන්සාස්හි ගොවිපලවල කිරි ගවයින්ට කුරුළු උණ රෝගය වැළඳී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

එම ගවයින්ගේ කිරි කුරුළු උණ සඳහා ධනාත්මක බවට තහවුරු වී ඇති බවයි ඇමරිකා එක්සත් ජනපද නිලධාරීන් ප්‍රකාශ කළේ.

මෙම සතුන්ට ඇති රෝග ලක්ෂණ අතර කිරි ප්‍රමාණය අඩු වීම සහ ආහාර අරුචිය වන බව සඳහන්.

කුකුළන් අතර කුරුළු උණ පැතිර ගිය මිනසෝටා හි ගොවිපලක එළුවන්ට වෛරසය ඇති බව හඳුනා ගැනීමෙන් සතියකට පමණ පසුවයි ගවයන්ට රෝගය වැළඳී ඇති බවට හෙළිවී ඇත්තේ.

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගොවිපලවලින් කුරුළු උණ අසාදිත සතුන් හමු වූ පළමු අවස්ථාව ලෙසට මෙය සැලකෙනවා.

එරට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුව වාණිජ කිරි සැපයුම ආරක්ෂිත වන අතර සෞඛ්‍ය සම්පන්න සතුන්ගේ කිරි පමණක් සැපයුම්වලට යොදා ගනු ලබනවා.

රෝගී සතුන්ගේ කිරි නැවත ගොවිපළ වෙත හරවා යැවීම හෝ විනාශ කිරීම සිදු කෙරෙන බව සඳහන්.

මෙම එළදෙනුන්ට වෛරසය වැළඳී ඇත්තේ ආසාදිත පක්ෂීන්ගෙන් බවට සැක කෙරෙන අතර විශේෂඥයන් පවසන්නේ ගවයින්ට ඇතිවූ අසාදන තත්වයන් ප්‍රතිකාර නොමැතිවම යථා තත්ත්වයට පත් වනු ඇති බවයි.

වෛරසය මිනිසුන්ට පහසුවෙන් අසාදනය විය හැකි ආකාරයක් පරීක්‍ෂණයෙන් අනාවරණය නොවූ බව ෆෙඩරල් රජය ප්‍රකාශ කර තිබෙනවා.

තරුණ වෙන්න කැමති ඔස්ට්‍රේලියානුවන්ට අලුත් සොයා ගැනීමක්

වයස්ගත වීම වැළැක්වීම සහ තරුණ බව දීර්ඝ කාලයක් රැක ගැනීම සංචාර මගින් සිදු කළ හැකි බව ඔස්ට්‍රේලියාවේ නව අධ්‍යයනයකින් සොයාගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය සීමාවට බාධකයක්?

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිතයට හඳුන්වා දීමට යෝජිත වයස් සීමාවන් මගින් පමණක් තරුණ පරම්පරාවේ මානසික සෞඛ්‍ය ගැටළු විසඳීමට නොහැකි බව විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

Today’s Top Stories.2024.09.14

ඔස්ට්‍රේලියාවේ වාහන තදබදය අධිකම නගර අතරින් මෙල්බන් අංක 1 ට දරුවන් දෙදෙනෙකුට ජිවිත අහිමි කළ සිඩ්නි මවට සිදු වූ දේ පර්ත් නගර වාසීන්ට ලබන සතිය

Read More »