Search

ගුවන් ගමනක් අතරතුර Qantas නියමුවන් යානයේ එංජිමක් ක්‍රියා විරහිත කරයි

මෙල්බන් නුවරින් පිටත්ව ගිය ක්වන්ටාස් (Qantas) ගුවන් යානයක නියමුවන් විසින් ගමන අතරමැද එක් එංජිමක් ක්‍රියා විරහිත කිරීමේ සිදුවීමක් වාර්තා වනවා.

QF 781 දරන මෙම ගුවන් යානය ඊයේ රාත්‍රී 8.30ට පමණ ටලමරින් (Tullamarine) වෙතින් පිටත්ව ගොස් තිබුණා.

එය පර්ත්හි ගමනාන්තයට ළං වන විට විශාල පිපිරුම් හඬක් ඇසුණු බවටයි මගීන් ප්‍රකාශ කර ඇත්තේ.

Qantas ප්‍රකාශකයෙකු පැවසුවේ යානයේ එක් එන්ජිමක් කිසියම් කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවයි.

ගුවන් නියමුවන් මෙවැනි සිදුවීමකදී ගන්නා සාමාන්‍ය ක්‍රියා පටිපාටි අනුගමනය කරමින් එක් එන්ජිමක් ක්‍රියා විරහිත කර හදිසි ගොඩ බැස්වීමක් ඉල්ලා තිබෙනවා.

ඒ අනුව එයාර්බස් A330 යානය රාත්‍රී 10ට පමණ පර්ත් වෙත හදිසි ගොඩබෑමක් සිදු කරන ලද අතර ගුවන් යානයේ ගමන් කළ සියලුදෙනා ආරක්ෂිතව සිටි බව සඳහන්.

එන්ජිමෙන් ඇසුණු ශබ්දයත් සමග යානයේ සිටින මගීන් තුළ නොසන්සුන්තාවයක් ඇති වීම සාමාන්‍ය තත්වයක් වන අතර එම අවස්ථාවේ ඔවුන්ගේ සහයෝගීතාවය සහ අවබෝධය සඳහා ස්තූතිවන්ත වන බව ද සමාගම ප්‍රකාශ කර තිබෙනවා.

කාර්මික දෝෂයකට ලක්වූ යානය සම්බන්ධයෙන් Qantas ඉංජිනේරුවන් පරීක්ෂා කිරීමට නියමිතයි.

මෙම ගුවන් යානා නිර්මාණය කර ඇත්තේ එක් එන්ජිමකින් ආරක්ෂිතව ක්‍රියා කිරීමට බව Qantas ප්‍රකාශකයා සඳහන් කළා.

මෙවැනි සිදුවීම් අතිශයින් දුර්ලභ බවයි ඔස්ට්‍රේලියානු සහ ජාත්‍යන්තර ගුවන් නියමුවන්ගේ සංගමයේ සභාපති ටෝනි ලූකස් ප්‍රකාශ කළේ.

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

Read More »