
චීන ජාතිකයන් පිරිසක් සිදු කරනු ලැබූ අන්තර්ජාල කුමන්ත්‍රණයකට ඇමරිකානුවන්ගේ online accounts මිලියන ගණනක් හසු වී ඇති බව අධිකරණ දෙපාර්තමේන්තුව සහ FBI ආයතනය පවසනවා.
වසර 14ක් පුරාවට පුළුල් සයිබර් ප්‍රහාර ජාලයක් ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුමක් සම්බන්ධයෙන් චීන ජාතිකයින් හත් දෙනෙකුට චෝදනා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ මෙම සැකකාර චීන ජාතිකයන් හත් දෙනා පිළිබඳ තොරතුරු ලබා දෙන්නෙකුට ඩොලර් මිලියන 10ක ත්‍යාගයක් ලබා දෙන බවයි.

මෙම හැකර්වරුන් චීනයේ ව්‍යාපාර සහ දේශපාලනඥයන් පිළිබඳ විවේචනය කරන එක්සත් ජනපද සහ විදේශීය පුද්ගලයන් ඉලක්ක කර ඇති බව අධිකරණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.
සැකකාර චීන ජාතිකයන් හත්දෙනා විසින් ද්වේෂසහගත ඊමේල් 10,000කට අධික ප්‍රමාණයක් යවා ඇතැයි ද අනාවරණ වී ඇති අතර එය චීන රජයේ පිටුබලය ඇති සාර්ථක හැකර් මෙහෙයුමක් ලෙසටයි අධිකරණ දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇත්තේ.

FBI ආයතනය අවධාරණය කර ඇත්තේ චීනය විසින් ඇමරිකාව සහ හවුල්කරුවන් ඉලක්ක කර ගනිමින් ඔත්තු බැලීම නොඉවසන බවට පැහැදිලි පණිවිඩයක් ලබා දෙන බවයි.
ජාතියේ ආරක්ෂාවට සහ සමෘද්ධියට තර්ජනයක් වන පුද්ගලයන් වෙහෙස නොබලා ලුහුබඳින බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.
සැකකාර චින ජාතිකයන් එවනු ලබන විද්‍යුත් තැපැල් පණිවුඩයක් මගින් ඇමරිකානුවන්ගේ ගිණුම් වෙත අනවසරයෙන් පිවිස ඇති බවට හෙළිවී තිබෙනවා.
ධවල මන්දිරයේ සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවල සේවය කරන එක්සත් ජනපද රජයේ නිලධාරීන් මෙන්ම ඔවුන්ගේ ඥාතීන් ද මෙහි ඉලක්කය වී තිබෙනවා.
ආරක්ෂක, තොරතුරු තාක්‍ෂණය, විදුලි සංදේශ, නිෂ්පාදන සහ වෙළෙඳ, මූල්‍ය, උපදේශන, නීතිමය සහ පර්යේෂණ කර්මාන්ත අදාළඑක්සත් ජනපද සමාගම්වල වෙබ් අඩවි මෙන්ම ඊමේල් හැක් කර ඇතැයි සඳහන්.
ඉලක්ක කරගත් සමාගම්වලට එක්සත් ජනපද හමුදාවට සේවා සපයන ආරක්ෂක කොන්ත්‍රාත්කරුවන් සහ 5G ජාල උපකරණ සපයන සමාගම ද ඇතුළත් බවයි අධිකරණ දෙපාර්තමේන්තුව කියාසිටියේ.