ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසක ඉන්ධන මිල පහළට

පාස්කු ඉරිදා දිනයට පෙර රට පුරා පෙට්‍රල් මිල පහත වැටෙන බව ජාතික මාර්ග සහ මෝටර් රථ හිමියන්ගේ සංගමය පවසනවා.

පෙට්‍රල් මිල අඛණ්ඩව පහත වැටෙන බැවින් ඔස්ට්‍රේලියානු මෝටර් රථ රියදුරන් මේ සතියේ තම මෝටර් රථවලට ඉන්ධන ලබා ගැනීමට දැඩි උනන්දුවක් පවතින බවයි වාර්තා වන්නේ.

මෝටර් රථ හිමියන්ගේ සංගමයට අනුව කැන්බරා හැර අනෙකුත් සියලුම අගනගරවල පාස්කු නිවාඩුවට පෙර ඉන්ධන මිල පහත වැටීමක් වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම මිල අඩු කිරීම කෙටි කාලීන විය හැකි අතර ලබන සතියේ යළිත් මිල ඉහළ යනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

සිඩ්නි නුවර පෙට්‍රල් ලීටරයක් ඩොලර් 190යි ශත 5 දක්වා පහත වැටී ඇති අතර ඩීසල් මිල ද ලීටරයක් 200යි ශත 2 දක්වා පහත වැටී තිබෙනවා.

ඇඩිලේඩ්හි පෙට්‍රල් ලීටරයක් ඩොලර් 192යි ශත 3ක් වන අතර බ්‍රිස්බේන්වල පෙට්‍රල් ලීටරයක් මේ දිනවල අලෙවි කරනු ලබන්නේ ඩොලර් 202ක් වැනි මුදලකටයි.

මෙල්බර්න්වල පෙට්‍රල් ලීටරයක් ඩොලර් 203යි ශත 4ක්, පර්ත්හි ඩොලර් 180යි ශත 1ක් ලෙස පවතින අතර කැන්බරා, ඩාවින් සහ හෝබාර්ට් හි මිල වෙනසක් නොමැතිව පවතිනවා.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »