ප්‍රංශයට යන ඔස්ට්‍රේලියා සංචාරකයන්ට අනතුරු ඇඟවීමක්

ප්‍රංශයේ සංචාරයේ නිරත වීමේදී අවධානයෙන් පසුවන ලෙසට ඔස්ට්‍රේලියානු සංචාරකයින්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

රුසියාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ප්‍රංශය ඉහළ මට්ටමේ අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමත් සමඟයි ඔස්ට්‍රේලියානු සංචාරකයින්ට රජය විසින් මෙම දැනුම්දීම සිදු කර ඇත්තේ.

ෆෙඩරල් රජයේ සංචාරක උපදේශන වෙබ් අඩවිය වන ස්මාර්ට් ට්‍රැවලර් (Smartraveller) ඔස්ට්‍රේලියානුවන්ට උපදෙස් දී ඇත්තේ ප්‍රංශය ප්‍රකාශයට පත් කර ඇති ඉහළ මට්ටමේ ආරක්ෂක පියවරයන් අනුගමනය කරන ලෙසටයි.

ලබන මාසයේ ප්‍රංශයේ පැවැත්වෙන ඇන්සාක් දින උත්සව මෙන්ම පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීමට සූදානමින් සිටින අවස්ථාවක ප්‍රංශය මෙම ආරක්‍ෂිත පියවර ගෙන තිබෙනවා.

නව ආරක්‍ෂිත ක්‍රමවේද හේතුවෙන් පාසල්, පූජනීය ස්ථාන, සාප්පු මධ්‍යස්ථාන සහ සුවිශේෂ නැරඹුම් ස්ථාන ඇතුළුව රට පුරා ඉහළ මට්ටමේ ආරක්ෂක පියවර අනුගමනය කිරීම සිදු වනු ඇති.

ෆෙඩරල් රජය ඔස්ට්‍රේලියානුවන්ට දැනුම් දෙන්නේ සංචාරය කිරීමේදී තම වටපිටාව පිළිබඳ දැනුවත් වීම, මාධ්‍ය තොරතුරු පිළිබඳ යාවත්කාලීන වීම මෙන්ම පළාත් පාලන ආයතනවල උපදෙස් පිළිපදින ලෙසටයි.

ප්‍රංශයේ ත්‍රස්ත අනතුරු ඇඟවීමේ පද්ධතියේ මට්ටම් තුනක් ඇති අතර ඉහළම මට්ටමේ අනතුරු ඇඟවීම නිකුත් කරනු ලබන්නේ රට තුළ හෝ වෙනත් රටක ප්‍රහාරයක් තමන්ට ද තර්ජනයක් බවට සැලකෙන අවස්ථාවකදීයි.

එමගින් ගුවන් තොටුපළ, දුම්රිය ස්ථාන සහ පූජනීය ස්ථාන වැනි පොදු ස්ථානවල සන්නද්ධ භට පිරිස්වල ආරක්ෂාව දැඩි කිරීම වැනි ආරක්ෂක ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට හැකියාව පවතිනවා.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »