වැඩිම වටිනාකමක් සහිත මුදල් වර්ග 10 නම් කෙරේ

2024 වසරේ ලොව ඉහළම අගය සහිත මුදල් වර්ග 10 නම් කරමින් Forbes සඟරාව විසින් වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගෙන ඇති ලොව පුරා භාවිත වන මුදල් වර්ග 180ක නීත්‍යානුකූලභාවය අදාළ කරගනිමින් මෙම අධ්‍යයනය සිදුකර ඇති බව සදහන්.

මුදල් ඒකකයේ ජනප්‍රියත්වය සහ පුළුල් භාවිතය, අගයෙහි වටිනාකම යන සාධක සැළකිල්ලට ගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර තිබෙනවා.

ඒ අනුව ලොව වැඩිම වටිනාකමක් සහිත මුදල් ඒකකය කුවේට් ඩිනාර් වන අතර එහි ඒකක අගය ඇමරිකානු ඩොලර් 3.25ක අගයට සමාන වනු ඇති.

එම ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානය බහරේන ඩිනාර් වන අතර එහි අගය ඇමරිකානු ඩොලර් 2.65ක්.

ඕමාන රියාල් එම ශ්‍රේණිගත කිරීමේ තුන්වන තැනට පත්ව ඇති අතර සිව්වන ස්ථානයට ජොර්දාන් ඩිනාර් හිමිකරගෙන තිබෙනවා.

බ්‍රිතාන්‍ය පවුමක අගය ඇමරිකානු ඩොලර් 1.27ක් වන අතර එය මුදල් ශ්‍රේණිගත කිරීමේ 6වන ස්ථානයට පත්ව තිබෙනවා.

ඇමරිකානු ඩොලරයට එම ශ්‍රේණිගත කිරීම හිමිව ඇත්තේ 10වන ස්ථානයයි.

එක් ඒකකයකින් මිලදී ගත හැකි භාණ්ඩ හා සේවා සංඛ්‍යාව සහ විනිමය වශයෙන් ලබාගත් විදේශ මුදල් ප්‍රමාණය තක්සේරු කිරිමක් මෙහිදී සිදුකර ඇති බව සදහන්.

පිහියකින් සන්න්ධ වූ මෙල්බන් කාන්තාවට පොලිසියෙන් වෙඩි

මෙල්බර්න් තෝන්බරි ප්‍රදේශයේදී පිහියකින් සන්නද්ධව සිටි කාන්තාවකට පොලිසිය කළ වෙඩි තැබීමකින් ඇය තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

පිහි අපරාධ පාසල්වලටත් පැතිරෙයි?

බටහිර ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්ෆීල්ඩ්ස්හි (Goldfields) පාසලකදී සිසුවෙක් විසින් පිහියක් පෙන්වා තවත් සිසුවෙකුට තර්ජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් බටහිර ඔස්ට්‍රේලියා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රතිචාර පිළිබඳ දෙමාපියන් කනස්සල්ල පළ කර තිබෙනවා.

Read More »

මෙල්බන් සුපිරි වෙළඳසැල් කොල්ලයේ තවත් තොරතුරු එළියට

මෙල්බර්න් නගරයේ සුපිරි වෙළඳසැල් හතරකට තියුණු ආයුධ සහිතව කඩා වැදුණු සන්නද්ධ කණ්ඩායම හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීමට සූදානම් බව පොලිසිය පවසනවා.

Read More »

ශ්‍රී ලංකා කණ්ඩායම සමාව ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමස්ත ක්‍රීඩා ලෝලීන්ගෙන් මෙන්නම රටෙන්ම සමාව ඉල්ලන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

Read More »

උපන් දිනය පෙනි පෙනී “සිඩ්නි” ගුවන් යානයේදී මියයයි

චිකාගෝ වෙත ගමන් කරමින් තිබූ ගිය ස්කයිවෙස්ට් ගුවන් යානයකදී අට හැවිරිදි දැරියක් හදිසියේ මිය යාම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ වී තිබෙනවා.

Read More »

ස්කොට්ලන්තයට එරෙහි තරගයෙන් ඔස්ට්‍රේලියාවට තියුණු ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග අද පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා. තරගයේ කාසියේ වාසිය දිනු ඔස්ට්‍රේලියාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 180ක් රැස් කළා. පන්දු යැවීමේදී ග්ලේන් මැක්ස්වෙල් කඩුලු 2ක් බිඳහෙලුවා. පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. Travis Head ලකුණු 68ක් ලබා ගත්තා. මේ

Read More »