අන්තර්ජාල භාවිතයේදී වඩාත් ජනප්‍රිය භාෂාව ගැන සමීක්ෂණයකින් හෙළිවූ දේ

2024 වසරේ ලොව පුරා අන්තර්ජාලය භාවිතයේ දී වඩාත් ජනප්‍රියතම භාෂා මාධ්‍ය ලෙස ඉංග්‍රීසි භාෂාව පත්ව තිබෙනවා.

අනෙක් භාෂා සමග සැසඳීමේදී ඉංග්‍රීසි භාෂාව යොදා ගැනීමේ ප්‍රතිශතය සටහන් වී ඇත්තේ සියයට 50.8ක් ලෙසටයි.

එම ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානය ස්පාඤ්ඤ භාෂාවට හිමිව ඇති අතර එම අගය සටහන්ව ඇත්තේ සියයට 5.7ක් ලෙසයි.

ඉංග්‍රීසි මාධ්‍යයට සමාන අගයක් ගන්නා කිසිදු භාෂා මාධ්‍යයක් එම ශ්‍රේණිගත කිරීමට ඇතුලත් වී නැහැ.

දළ වශයෙන් බිලියන 1.46ක ජනතාවක් ලොව පුරා ඉංග්‍රීසි භාෂාව කතා කරන අතර ඉන් දළ වශයෙන් මිලියන 380ක් දේශීය කථන භාෂාව ලෙස ඉංග්‍රිසි භාවිත කරන බව සදහන්.

මේ අතර අන්තර්ජාලය භාවිතයේ දී වඩාත් ජනප්‍රිය තෙවන භාෂාව ලෙස නම් කර ඇත්තේ ජර්මන් වන අතර එම අගය සටහන්ව ඇත්තේ සියයට 5.1ක් ලෙසයි.

මීට අමතරව ජපන් භාෂාවෙන් අන්තර්ජාලය පරිශීලනය කරන පිරිස සියයට 4.6 ක් වන අතර රුසියන් භාෂාවෙන් අන්තර්ජාලය පරිශීලනය කරන පිරිස සියයට 4.3ක් වනවා.

ප්‍රංශ, පෘතුගීසි සහ ඉතාලි භාෂාවෙන් අන්තර්ජාලය පරිශීලනය කරන පිරිස අනුව එම භාෂා හය, හත සහ 8වන ස්ථානයේ පසුවනවා.

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »