ජීවත් වෙන්න වැඩිම වියදමක් යන රටවල් අතරින් ඔස්ට්‍රේලියාවට ලැබුණු තැන

ජීවත් වීමේදී වැඩිම වියදමක් සිදු වන රටවල් ඇතුළත් නවතම වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

ඇමරිකාවේ සියෝවර්ල්ඩ් (CEOWORLD) සඟරාව විසින් සිදු කළ අධ්‍යයනයකට අනුවයි පෘථිවිය තුළ ජීවත් වීම සඳහා මිළ අධිකම රටවල් 20 නම් කර ඇත්තේ.

සෑම රටක්ම සාමාන්‍ය වැටුප්, ජීවන වියදම්, ඉන්ධන සහ සිල්ලර බඩු වැනි භාණ්ඩ පිරිවැය යන සාධක මත පිහිටා මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර තිබෙනවා.

ඒ අනුව ස්විට්සර්ලන්තය ලොව වියදම් අධිකම රට වන අතර ස්විස් ෆ්‍රෑන්ක් ලෝකයේ වටිනාම මුදල් ඒකකය ලෙසට ද නම් කර තිබෙනවා.

ඉහළ දේශීය වැටුප් ක්‍රමයක් පවතින ස්විට්සර්ලන්තය ලොව සතුටින්ම වෙසෙන ජනතාව සිටින රට ලෙස ද වාර්තා අතරට එක්වනවා.

ලොව වියදම් අධිකම රටවල් ශ්‍රේණිගත කිරීමේදී පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන නොර්වේ සහ අයිස්ලන්තය හිමිකරගෙන ඇති අතර ඉහළ ජීවන විටදමට සාපේක්ෂව ඉහළ වැටුප් හිමිකර දීම අතින් එම රටවල් සුවිශේෂි වනවා.

එම ශ්‍රේණිගත කිරීම් අනුව ඔස්ට්‍රේලියාවට හිමිව ඇත්තේ 16 වන ස්ථානයයි.

ඉහළ ජීවන වියදම්, ඉන්ධන මිල ඉහළ යෑම, ඒකාකාරි වැටුප් ක්‍රම යන සාධක හේතුවෙන් ඔස්ට්‍රේලියාව 16 වන ස්ථානයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

එම ශ්‍රේණිගත කිරීම් අනුව ජපානය ලොව සිව්වන මිල අධිකතම රට වන අතර ඩෙන්මාර්කයට 5 වන ස්ථානයත් සිංගප්පූරුවට 9 වන ස්ථානයත් හිමිව තිබුණා.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »