මෙටා සමාගම විසින් වට්ස් ඇප් මෘදුකාංගයට නව විශේෂාංශ කිහිපයක් ඇතුලත් කිරීමට නියමිත බව නිවේදනය කර තිබෙනවා.
මෙතෙක් පරිශීලකයින්ට ලැබෙන පණිවුඩ 1ක් පමණක් පින් (pin)කර තබා ගැනීමට තිබූ හැකියාව පණිවුඩ 3ක් දක්වා ඉහළ දැමීමටයි පියවර ගෙන ඇත්තේ.
pin message සඳහා කිසියම් ඉමෝජියක්, පින්තුරයක් හෝ හඬ සටහනක් ඇතුළත් කිරීමේ සුවිශේෂි හැකියාව ද එමගින් පරිශිලකයින්ට හිමිවනු ඇති.
මෙම පහසුකම තනි සහ group චැට් සඳහා හිමි වන බවයි මෙටා සමාගම නිවේදනය කළේ.
මෙහි වූ විශේෂත්වය වන්නේ මෙලෙස message පින් කිරීම සඳහා කාලවකවානු නිර්ණය කිරීමට වූ හැකියාවයි.
ඒ අනුව අදාළ message පැය 24ක්,සතියක් හෝ දින තිහක් ලෙස කාලය වෙන් කර තැබීමේ හැකියාව පරිශිලකයින්ට ඉදිරියේදී ලැබෙන බව සඳහන්.
Whatsapp මෘදුකාංගය වර්තමානයේ වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන අතර හඳුන්වාදුන් නවතම විශේෂාංග පාරිභෝගිකයින්ට වඩාත් ප්‍රයෝජනවත් වනු ඇති බවටයි මත පළවන්නේ.