රැකියා නිසා ඔස්ට්‍රේලියාවට ලැබුණු තැන

ලොව හොඳම රැකියා සමතුලිතතාව සහිත රටවල් ශ්‍රේණිගත කිරීමේ දී ඔස්ට්‍රේලියාවට 4 වන ස්ථානය හිමිව තිබෙනවා.

ලොව පුරා රටවල් 60ක දළ දේශීය නිශ්පාදිත අගය සැලකිල්ලට ගනිමින් රිමෝට් (Remote) ආයතනය විසිනුයි මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇත්තේ.

වාර්ෂික නිවාඩු, අසනීප නිවාඩු වැටුප් ප්‍රතිශතය, මාතෘ නිවාඩු සහ එහි ගෙවීම් අනුපාතය, මාසික අවම වැටුප, සෞඛ්‍ය සේවා පද්ධතිය, සන්තෘෂ්ටි දර්ශකය, සතියකට වැඩ කරන සාමාන්‍ය පැය යන නිර්ණායකයන් ද මේ සඳහා උපයෝගි කර ගෙන තිබෙනවා.

ඒ අනුව ලොව හොඳම රැකියා සමතුලිතතාව සහිත රට ලෙස ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ නවසීලන්තයයි.

කිවීස් (Kiwis) නම් වු ත්‍යාගශීලී වාර්ෂික නිවාඩු දීමනාවක් සහ ඉහළ අවම වැටුපක් භුක්ති විඳිම, සති 26ක වැටුප් සහිත මාතෘ නිවාඩු වැනි කරුණු හේතුවෙනුයි නවසීලන්තය ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ.

එම ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානය ස්පාඤ්ඤයට ද තුන්වන ස්ථානය ප්‍රංශයට හිමිවී ඇති ඇති අතර 4 වන ස්ථානය ඔස්ට්‍රේලියාවට ලැබී තිබෙනවා.

සෞඛ්‍ය සේවා පද්ධතිය, විදේශ ආකර්ෂණ වැටුප් සහිත මාතෘ නිවාඩු මෙන්ම සතුටින් ජීවත් වීමට හැකි පරිසරය හේතුවෙනුයි ඔස්ට්‍රේලියාව රැකියා සමතුලිතතාව සහිත මුල්ම රටවල් 5 අතරට ඇතුලත්ව ඇත්තේ.

හොඳම රැකියා සමතුලිතතාව සහිත රටවල් අතරින් ඩෙන්මාර්කය පස්වන ස්ථානයටත් නොර්වේ රාජ්‍ය 6 වන ස්ථානයටත් පත්වී තිබෙනවා.

ලොව ජනප්‍රිය සමාගමක ලොකු පුටුවකට මෙල්බන්හි උපාධිය හැදෑරූ ශ්‍රී ලාංකික කාන්තාවක්

Coca-Cola සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂවරිය ලෙස (Country Director Sri Lanka & Maldives) ශ්‍රී ලාංකිකයෙක් වන කෞෂාලි කුසුමපාල පත් කර ඇති බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »