Search

පිහිනීමට යන අයට බරපතල සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

ක්වීන්ස්ලන්ඩ් මෝර්ටන් බොක්කෙහි ජලයේ ගුණාත්මක බව පිළිබඳ බරපතල සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

මෝර්ටන් බොක්කෙහි ජලයේ ගුණාත්මක භාවය අපද්‍රව්‍යවලට සමාන වීම හේතුවෙන් එහි පිහිනීම සම්බන්ධයෙනුයි විශේෂඥයන් සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත්තේ.

වසර 180 ක් පුරා ගංවතුර ඔස්සේ බ්‍රිස්බේන් ගඟට ගසාගෙන යන මඩ සහ අපද්‍රව්‍යවලට සමාන අපද්‍රව්‍ය මොරෙටන් බොක්ක වෙත මුදා හැර ඇති බවට ප්‍රාන්ත සරසවියක් මගින් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

භයානක අපද්‍රව්‍ය බොක්කෙන් සියයට 98ක් පමණ ආවරණය වී ඇති අතර එය මොරෙටන්, නෝර්ත් ස්ට්‍රැඩ්බ්‍රෝක් සහ බ්‍රිබි දූපත් දක්වා ව්‍යාප්ත වී ඇතැයි සඳහන්.

මඩෙහි ඇති අපද්‍රව්‍ය සහ ක්ෂුද්‍ර ප්ලාස්ටික් දේශීය සාගර ජීවීන්ට මාරාන්තික විය හැකි අතර මසුන්ගේ ප්‍රධාන ආහාර ප්‍රභවය වන කොරල් සහ මුහුදු තෘණ විනාශ කළ හැකි බවට විශේෂඥයින් අනතුරු අඟවා තිබෙනවා.

මඩ මගින් ඇති වන ඇල්ගී හේතුවෙන් මිනිස් සමෙහි ආසාධන ඇති විය හැකි අතර එම ජලයට නොයන ලෙසටටයි උපදෙස් දී ඇත්තේ.

තරුණ වෙන්න කැමති ඔස්ට්‍රේලියානුවන්ට අලුත් සොයා ගැනීමක්

වයස්ගත වීම වැළැක්වීම සහ තරුණ බව දීර්ඝ කාලයක් රැක ගැනීම සංචාර මගින් සිදු කළ හැකි බව ඔස්ට්‍රේලියාවේ නව අධ්‍යයනයකින් සොයාගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය සීමාවට බාධකයක්?

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිතයට හඳුන්වා දීමට යෝජිත වයස් සීමාවන් මගින් පමණක් තරුණ පරම්පරාවේ මානසික සෞඛ්‍ය ගැටළු විසඳීමට නොහැකි බව විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

Today’s Top Stories.2024.09.14

ඔස්ට්‍රේලියාවේ වාහන තදබදය අධිකම නගර අතරින් මෙල්බන් අංක 1 ට දරුවන් දෙදෙනෙකුට ජිවිත අහිමි කළ සිඩ්නි මවට සිදු වූ දේ පර්ත් නගර වාසීන්ට ලබන සතිය

Read More »